බුද්ධ පිළිරුව සමඟ කෙළිකම් කළ සුද්දන් වරදට​

ප්‍රංශ ජාතික විදේශිකයින් තිදෙනෙකු ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ වරදකරුවන් බවට පත් වූයේ බුදු පිළිරුවක් සිප ගන්නා අයුරින් පෙනී සිටිමින් ඡායාරූප ගැනීම හේතුවෙනි. BBC මඟින් වාර්ථා කර ඇති පරිදි, ඡායාරූප විකාස කිරීමට භාරගත් ඡායාරූපාගාරය මඟින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විදේශිකයින් වෙත අත් සිට වූ සිර දණ්ඩුවම් ලබා දීමට ගාල්ල අධිකරණය තීරණය කර ඇත. මෙම විදේශිකයින් තිදෙනා අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පුරුෂයෙක් වේ. ශ්‍රී ලාංකිකයින් මම පිළිරුව පූජනීයත්වයෙන් සළකන බවත් මෙම විදේශිකයින් එය කෙළසා ඇති බවත් මෙය ඉතා අශිෂ්ඨ ක්‍රියාවක් බවත් හෙළ උරුම පාක්‍ෂික උදය ගම්මන්පිළ AFP වෙත පවසා ඇත. මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවත් අපගේ සංස්කෘතියට ගරු කරන ලෙසටත්, විනීත ලෙස හැසිරෙන ලෙසටත් බටහිර විදේශිකයින්ට දැඩි ලෙස අවවාද කරන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියි. මෙම විදේශිකයින් තිදෙනා හට අවුරුදු පහකට අත් සිටුවන ලද, බරපතළ වැඩ සහිත මාස තුනක සිර දණ්ඩුවම් හිමි වූ අතර රුපියල් 1500/= ක ($11) සුළු දඩයක් ද නියම විය. ශ්‍රී ලංකා නීති මාලාව යටතේ, ආගමික ස්ථානයක දී හෝ පිටත කිසිඳු පුද්ගලයකුගේ ආගමික සිතුවිල්ලක් උල්ලංඝනය කිරීම තහනම් කරන නීතිය කඩ කිරීම යටතේ මෙම විදේශිකයින් තිදෙනා වරද කරුවන් විය.

ඡායාරූපාගාරයේ අයිතිකරු විසින් පැමිණිලි කිරීමෙන් පසු මෙම ඡායාරූප නීතියේ භාරයට ගැනුනු නමුත් ශ්‍රී ලාංකීය වෙබ් අඩවියක් වෙත මෙම රූප රාමු නිදහස් වී තිබේ. තමා බෞද්ධයෙකු බවත්, මෙම ඡායාරූප දැකීමෙන් තමා වේදනාවට පත් වූ බවත්, එම නිසා ඒවා මුද්‍රණය කිරීම ප්‍රතික්‍ෂේප කර පොලීසියට භාර දුන් බවත් ඡායාරූපාගාරයේ අයිතිකරු ප්‍රසන්න ගමගේ AFP වෙත පවසා ඇත.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...