HomeCeylon Gossip Ceylon Gossip බුලත්සිංහල ත්‍රිත්ව ඝාතනයේ අලුත්ම තොරතුරු (ඡායාරූප) By ceylonradio November 21, 2012 0 14 FacebookTwitterPinterestWhatsApp බුලත්සිංහල හල්වතුර උඩහීන්තැන්න ප්‍රදේශයේ නිවසකට (20 වැනිදා) අලුයම කඩාවැදුණු සන්නද්ධ පිරිසක් එම නිවසේ සිටි මව පියා සහ පුත්‍රයා සාහසික අන්දමින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇත. මෙහිදී ඝාතනයට ලක්‌වූ මානගේ අයිදෝරිස් (පියා) 92 හැවිරිදි වියේ පසු වූ අතර හදුවලගෙ මිසිලින් (මව) 85 වැනි වියේ පසුවූවාය. සාහසික ලෙස ඝාතනයට ලක්‌වූ 60 හැවිරිදි මානගේ හෙක්‌ටර් ධර්මසේන (පුත්‍රයා) මන්ද මානසික පුද්ගලයකු බව පොලිසිය පවසයි. මෙම නිවසේ තිබූ බව කියන මුදල් සහ වටිනා දේපළ කොල්ලකෑමට පැමිණි පිරිසක් මොවුන් මෙසේ ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පහළ කරයි. නිවසට ඇතුළු වූ සාහසිකයන් මව, පියා සහ පුත්‍රයා ඝාතනය කර එහි තිබූ අල්මාරි විවෘත කර මුදල් සහ වටිනා දේ සොයා ඇති බව ද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. ඝාතනයට ලක්‌වූ අයිදෝරිස් නැමැති පියා සෑහෙන වත්පොහොසත් ඇති පුද්ගලයකු වන අතර මොවුන් මීට දින කීපයකට උඩදී ඉඩමක් විකුණා මුදල් ලබාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ. සාහසිකයන් එම මුදල් ලබා ගැනීමට නිවසට කඩා වැදී මෙම කෲර ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. මෙම නිවස අසල පදිංචි පුද්ගලයකු ඊයේ (20 දා) පෙරවරුවේ නිවසට ගොස් ඇති අතර එහිදී මෙම පුද්ගලයන් ඝාතනය කර සිsටිනු දැක ඇත. පසුව ඒ පිළිබඳව 119 හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දීමෙන් පසු පොලිසිය එහි පැමිණ ඝාතනයට ලක්‌වූවන්ගේ සිරුරු සොයාගෙන ඇත. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. සැකකරුවන් කිසිවකු ඊයේ දහවල් වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබිණි. Share TagsfeaturedLatestslider Share FacebookTwitterPinterestWhatsApp Previous articleවැලිකඩ හිරගෙදර හොල්මන්Next articleචන්ද්‍රිකාව දින 5ක් පමාවේ ceylonradio Related Articles News සංක්‍රමණිකයන් සදහා බ්‍රිතාන්‍ය රජයෙන් නව නීති UK news ලිවර්පූල් පාපන්දු කණ්ඩායම 2025 එංගලන්ත පාපන්දු කිරුල දිනාගනී ක්‍රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Stay Connected0FansLike0FollowersFollow0SubscribersSubscribe - Advertisement - Latest Articles News සංක්‍රමණිකයන් සදහා බ්‍රිතාන්‍ය රජයෙන් නව නීති UK news ලිවර්පූල් පාපන්දු කණ්ඩායම 2025 එංගලන්ත පාපන්දු කිරුල දිනාගනී ක්‍රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Domestic ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2025දී 3.5%ක වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ – ලෝක බැංකුවේ වාර්තාව Ceylon Events in UK උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්. Load more