11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

බොදු බල සේනාවෙන් මතට තිත… ‘බස් නැවතුම්පොළේ බාර් එක වහාම වසනු’

දිනකට පාසල් සිසුන් ඇතුළුව තම ගමන් පහසුව සලසා ගැනීමට බස් නැවතුම්පළ වෙත එන දහස් ගණනක් පීඩාවට පත් ව ඇති නිසා බදුල්ල ප‍්‍රධාන බස් නැවතුම්පළේ ඇති මත්පැන් අලෙවිසැල වහා ම ඉවත් කිරීමට පියවර ගන්නැයි බොදු බල සේනා සංවිධානයේ බදුල්ල ශාඛාව අදාළ වගකිවයුතු අංශවලින් ඉල්ලයි.

බොදු බල සේනා බදුල්ල තරුණ සංවිධානයේ ලේකම් දිනේෂ් තරංග මහතා පවසන්නේ එම අලෙවිසල ඉදිරිපිට සිට ඇතැම් පුද්ගලයන් මත්පැන් පානය කිරීම පාසල් සිසුන්ට මෙන් ම බස් මඟීන්ට සුලභ දසුනක් වී ඇති බවය.

දිවයිනේ ප‍්‍රධාන බස් නැවතුම්පළ අතරින් මත්පැන් අලෙවි සැලක් ඇති එක ම බස්නැවතුම්පළ බදුල්ල බස් නැවතුම්පළ බව වැඩිදුරටත් කී දිනේෂ් තරංග මහතා එය එම ස්ථානයෙන් ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවරයාගෙන් සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා යැවීමට සිය සංවිධානය පියවර ගත් බවත්, එයට යහපත් ප‍්‍රතිචාරයක් නො ලැබුණහොත් එම මත්පැන් අලෙවිසැල වසා දමන තෙක් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කිරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කර ඇතැයි ද කීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles