Wednesday , 22 January 2025

බොදු බල සේනාවේ ප්‍රහාරකයෙකුට දුන් දුරකථන ඇමතුම

ආයුබෝවන් අපට බොදු බල සේනාවේ ස්වාමින් වහන්සේ කෙනෙකුට කථා කරන්න පුලුවන්ද බුද්ධාගම ගැන සුද්දෙකු ලියපු පොතක් ගැන තොරතුරක් දෙන්න , මේ පොත බෞද්ධ විරෝධී පොතක් කියලා තමයි අපි හිතන්නේ

(එහා කොනින් )
තෙරුවන් සරණයි මහත්තයා කවුද.

මම ගුණරත්න කියලා ඉස්කෝලේ මහත්තයෙක් කතා කරන්නේ , බොදු බල සේනාවේ හාමුදුරුවරු බුද්ධාගම බේර ගන්න කරන සටන අපි අගය කරනවා ඒ නිසයි මේ හෝඩුවාව දෙන්න කථා කරන්නේ

බොහොම හොඳයි මහත්තයා මම …………………………….. බොදු බල සේනාවේ ………………. මොකක්ද ඔය තොරතුර ?

හාමුදුරුවනේ මට කෙනෙකුගෙන් හෝඩුවාවක් ලැබුනා එංගලන්තයේ සුද්දෙක් බුද්ධාගම ගැන මොනවදෝ ලියල තියනවලු , මේ පොත දැන් ලංකාවටත් ඇවිල්ලලු. මේ ගැන සොයා බැලුවොත් හොඳයි කියලා තමයි අපට හිතෙන්නේ

අපිට මේ ගැන තව තොරතුරු කියන්න පුලුවන්ද මහත්තයා ?

එහෙමයි හාමුදුරුවනේ , අපිත් ටිකක් සොයා බැලුවා එඩ්වින් අර්නෝල්ඩ් කියලා සුද්දෙක් , දන්නවනේ ඔය සුද්දෝ ඉන්නේ බුද්ධාගම නැති කරන්න ඇඟිලි ගැන ගැනනේ , ඉතින් හෝඩුවාව ආපු ගමන් තමයි හාමුදුරුවනේ ටෙලිපෝන් කලේ. මේ පොතේ නම ලයිට් ඔෆ් ඒෂියා කියලා තියෙන්නේ . ගුණසේන පොත් සාප්පුවෙත් විකුනන්න දාල තියනවා කියලයි මට තොරතුර දුන්න කෙනා කිව්වේ . මේකට විරෝධතාවක් කරන්න බැරිද හාමුදුරුවනේ ?

පොඩ්ඩක් ඉන්න මහත්තයා මම ඔය පොත ගැන තොරතුරු ලියගන්නකම්

එහෙයි පොතේ නම ලයිට් ඔෆ් ඒෂියා ලියලා තියෙන්නේ එඩ්වින් අර්නෝල්ඩ් කියලා සුද්දෙක්

මොකක්ද කිව්වේ ලයිට්ඔප් එසිආ නේද ?

නැහැ හාමුදුරුවනේ ලයිට් ඔෆ් ඒෂියා ලියලා තියෙන්නේ එඩ්වින් අර්නෝල්ඩ්

හරි මහත්තයා අපි අනිවාර්යෙන්ම මේ ගැන හොයල බලනවා , ගුණසේන සාප්පුවෙත් මේක විකුනන්න දාල නේද කිව්වේ ?

එහෙයි හාමුදුරුවනේ , අපේ මිනිස්සු දන්නේ නැද්ද සල්ලි වලට ඕන කුණු ගොඩක් විකුනනවනේ.

ඒකනම් එහෙම තමයි මහත්තයා අපි මේ ගැන හොයලා බලනවා , මුලින්ම අපි බුද්ධ සාසන අමාත්‍යංශයට දන්වනවා මේ ගැන. එහෙන් පියවරක් ගත්තේ නැත්නම් අපි ගෙහුං පොත් කඩ වටලලා හරි මේ පොත තහනම් කරනවා

ලොකු දෙයක් හාමුදුරුවනේ අපෙනුත් ඕන සහයෝගයක් තියනවා , එහෙනම් අවසර

හොඳයි මහත්තයා තෙරුවන් සරණයි

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...