බෝම්බ පිපිරීමකින් ඉරාකයේ 107 ක් මරුට

0
235

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල වු බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 107 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.

මියගිය පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ සාමාජිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉරාකයේ උතුරු බැග්ඩෑඩ්හි නගර 19 කට පමණ එල්ල කළ මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 216 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අල්කයිඩා සංවිධානය සහ ඉරාකයේ ආගමික කැරළිකරුවන් එක්ව මෙම ප්‍රහාරයන් දියත් කර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.