19.2 C
London
Monday, May 19, 2025
spot_img

බෝල්ට්ට නම් ලේසියි

ජැමෙයිකානු සුපිරි තරුව ඔලින්පික් ක්‍රීඩාංගනයේ සිටි 80,000 ක් පමණ වූ ප්‍රේක්‍ෂකයින් පිනවමින් 19.32 ක් වූ තියුණු කාලයක් තුළ මීටර 200 ධාවන ඉසව්ව නිම කරමින් රන් පදක්කම දිනා ගත්තේය.
ඉතිහාසයේ පළමු වරට මීටර 100 සහ මීටර 200 යන ධාවන ඉසව් දෙකම තමන් වෙත රඳවා ගත් එකම ක්‍රීඩකයා මොහු විය. පදක්කම් සියල්ල ජැමෙයිකාව වෙත ඇද ගනිමින් ලෝකයේ වේගවත්ම මිනිසා රන් පදක්කම් ලාභී උසේන් බෝල්ට්, රිදී පදක්කම යොහාන් බ්ලේක් සහ ලෝකඩ පදක්කම වොරන් වෙයිර් යන ජැමෙයිකානු ක්‍රීඩකයින් දිනා ගත්තා.
එම ජයග්‍රහනය තමාට කෙතරම් පහසු වූවේ ද යන්න පෙන්වීමට තරඟය නිම කළ වහාම ධාවන පථය මත ඔහු ඉහළ එසවීම් සිදු කළා. ඉන්පසු ඔහු ඡායාරූප ශිල්පියකුගේ කැමරාවක් ගෙන පැමිණ සිටි ප්‍රේක්‍ෂකයින්ගේ ඡායාරූප ගත්තා. විසි පස් හැවිරිදි බෝල්ට් පස් වන වරටත් ඔලින්පික් රන් පදක්කම දිනා ගනිමින් ඉතිහාසයේ මෙතෙක් සිටි අභිමානවත්ම ක්‍රීඩකයන් අතර තම නාමය සනිටුහන් කළා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles