14.9 C
London
Friday, April 25, 2025
spot_img

භික්ෂූන්ට පහරදීමට විරෝධය පාමින් සිල් මාතාවක් උපවාසයක

ඉන්දියාවේ චෙන්නායිහි භික්‍ෂුන් වහන්සේ දෙනමකට අමානුෂික ලෙස පහර දීමට විරෝධය පළ කරමින් හා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිල් මාතාවක්‌ ඊයේ (19) ඇල්පිටිය ප්‍රධාන බස්‌ නැවතුම්පළ තුළ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළාය.

“ස්වාමීන් වහන්සේට තමිල්නාඩු දමිළයන් අත එසෙව්වා නම් ශාසනය වෙනුවෙන් ජීවිතය පූජා කරමි. සසුන වෙනුවෙන් පිළිතුරු ලැබෙන තුරු උපවාසය අත් නොහරමි” යනුවෙන් ලියූ පෝස්ටරයක් ප්‍රදර්ශනය කරමින් බස්නැවැතුම්පොළ මැද හිඳගෙන උපවාසය ආරම්භ කර ඇත්තේ ඇත්කඳුර නාඹරවත්ත සුජාතා ආරාමයේ සුගුණචිත්ත සිල් මාතාවය.

මෙම අවස්‌ථාව දැක බලා ගැනීම සඳහා නගරයේ බස්‌ නැවතුම්පළ අසල විශාල පිරිසක්‌ රැස්‌ව සිටි අතර ඇල්පිටිය පොලිසිය විසින් පොලිස්‌ ආරක්‌ෂාව ලබාදී ඇත. මෙම උපවාසය නිසා බස් නැවැතුම්පොළ භූමියේ විශාල වාහන තදබදයක් පැවැති ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles