11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

මංගල සාදයේ කුකුළු මස් විෂවූ පිරිස 427 ක් දක්වා ඉහළයයි

ඉකුත් දින රාත‍්‍රී වව්නතිව් ප‍්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයකට සහභාගි වු පිරිසකගෙන් 427 දෙනෙකු මේ වන විට මඩකළපුව මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද උදෑසන වාර්තාවූයේ 130 දෙනකු පමණ වුවත් මේවන විට එම පිරිස සංඛ්‍යාත්මක වශයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා බව සඳහන්ය. ඉකුත් දින මංගල සාදයකට සහභාගී වූ මෙම පිරිස ආහාර විෂවීමක් නිසා වමනය සහ පාචනය යන රෝග ලක්ෂණ ඇතිවීම නිසා රෝහල් ගතකර තිබේ.

රෝහල්ගතකර ඇති පිරිස අතර පිරිමි 168 ක්,කාන්තාවන් 166 ක් හා ළමයින් 93 ක් වන බව වාර්තා වන බවත්,මෙම විවාග මංගල්‍යයට සහභාගි වු පිරිසෙන් කුකුළු මස් අනුභව කළ අය මෙසේ රෝගාතුර වී ඇති බවත්,මේ සම්බන්ධයෙන් පොලිසිය සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

විශේෂයෙන් ආහාර වර්ග තෝරා ගැනිමේදි ඒවායේ ප‍්‍රමිතිය, කල් ඉකුත්විමේ දිනය, ඒවා තබා ඇති ශීතකරණ වල තත්ත්වය යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනතාව දැනුවත් විය යුතු බවද, අයිස්ක‍්‍රීම් භාවිතයේදිද කල් ඉකුත්විමේ දිනය පිළිබදව සැලකිලිමත් විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles