මගී ගුවන් යානයක් ඩ්‍රෝන යානයකින් අනූනවයෙන් බේරිලා

වසර 9කට පෙර එරියානා ඇෆ්ගන් ගුවන් සමාගමට අයත් එයාර් බස් මගී ගුවන් යානාවක් මගින් 100ක් සමගින් ඇෆ්ගනිස්ථානයට ඉහළ අහසේ පියාසරන මොහොතකදී ජර්මානු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමග ගැටී සිදුවන්නට ගිය මහා විනාශයක් වැළකී ගොස් ඇතැයි හෙළිදරව් වී තිබේ.

EMT ලූනා X-2000 වර්ගයේ පිරික්සුම් ඩ්‍රෝන යානාවක කැමරාවේ සටහන්ව තිබූ වීඩියෝවක් යූ ටියුබ් හරහා ජනප‍්‍රිය වීම සමග මේ සිදුවීම කරළියට පැමිණ ඇති අතර මගි ප‍්‍රවාහන ගුවන් යානයේ වම් තටුවට මීටර කිහිපයක් නුදුරින් ඇදී ගිය ඩ්‍රෝන යානය කැළඹුම් වාත ධාරාවන්ට හසුවී කාබුල් අගනුවරට ඇද වැටී තිබේ. ජර්මානු ආරක්ෂක ඇමති තෝමස් ඩි මෙසියර් විසින් ජර්මනිය සතුවූ පැරණි ඩ්‍රෝන යානා ඉවතලමින් ක‍්‍රියාත්මක කරන්නට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 652ක් වටිනා යුරෝහෝක් වැඩසටහන අවලංගු කිරීමෙන් සතියකට පසුව මෙය වාර්තා වී ඇත.

නේටෝ සංවිධානයේ ග්ලෝබල් හෝක් ව්‍යාපෘතිය යටතේ ක‍්‍රියාත්මක වූ යුරෝහෝක් වැඩසටහන මගින් ජර්මනිය ඇමරිකානු නෝත්‍රෝප් ගෲමන් සමාගම විසින් නිෂ්පාදිත RQ-4B ඩ්‍රෝන යානාවක් මිලදී ගනු ලැබූ අතර තවත් යානා 4ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත් ගැටුම් වළකන තාක්ෂණික පද්ධතියක් සවිකිරීමෙන් තොරව යුරෝපා අහසේ මෙම ඩ්‍රෝන යානා සැරිසරන්නට අවසර නොමැති බව පැවසූ මෙසියර් එවැනි පද්ධතියකින් පවා ආරක්ෂාව සහතික කළ නොහැකි වීමත් එමගින් පිරිවැය අධික වීමත් නිසා මෙම තීරණය ගත් බව පවසන ලදී.

නමුත් ව්‍යාපෘතිය අසාර්ථක වන බව මාස 15කට පෙර දැනුම් දී තිබූ බව ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා හෙළිදරව් කිරීම සමගින් කඩිනම් පියවර නොගෙන ජනතා බදු මුදල් නාස්ති කර දැමූ බවට ඇමතිවරයාට එල්ල වී ඇති විවේචනයට කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහු මේ සතියේදී ජර්මානු පාර්ලිමේන්තුව අමතනු ඇතැයි වාර්තා වේ.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...