Home News මට ෆේස් බුක් වහන්න පුළුවන් – ජනපති
ඊයේ පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලයේ ත්‍යාග ප‍්‍රදානොත්සවයකට එක්වෙමින් ජනපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කර සිටියේ ෆේස් බුක් සැරිසැරීම පාසල් සිසුන්ට හිතකර දෙයක් නොවන බවත්
එය ලංකාවේ වසා දමන්නට තමාට හැකි බවත්ය. කාටත් වසංගතයක් බවට පත්ව ඇති ෆේස් බුක් කෙරෙහි විශ්වාසය නොතබන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.
ජනපතිවරයා ඒ බව කියා සිටියේ පහත පරිදිය.
‘මං පාර්ලිමේන්තුවට ගියේ තරුණ කාලේ. ඒ කාලේ මොනතරම් වැඩ තිබුනත් නීති විද්‍යාලයට ගිහින් නීතියත් හැදෑරුවා. අනවශ්‍ය විදිහට කාලය කානොදමා වැඩ කරන්න. අනවශ්‍ය දේ වලින් ඉවත් වෙන්න. අපි තාක්ෂණය ඉගෙන ගන්න ඕන තමයි.. ෆේස් බුක් කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමේ. මේක අපට වසංගතයක් දරුවන්ට වසංගතයක්. අපිට මේවා වහන්න පුළුවන්. ඒකට ක‍්‍රම තියනවා. නමුත් නීතියෙන් ඒක කිරීම ගැන අපට විශ්වාසයක් නෑ. අපට මේ දුවලා ගැන විශ්වාසයක් තියනවා. දුවලාගේ හැදියාව අපට වැදගත්. ෆේස් බුක් වල නොපෙනෙන අයට වඩා ගෙදර පේන කෙනා වැදගත්. මතක තියාගන්න ආදරය කියන්නේ ගෙදර මිස ෆේස් බුක් නෙමේ. ඒ නිසා ෆේස් බුක් වලින් එන දේවල් ගැන එතරම් විශ්වාසයක් තියන්න එපා.