මනුව ළඟින් විදුලිය විසන්ධි කරන වන අලියා October 18, 2013 Comments Off on මනුව ළඟින් විදුලිය විසන්ධි කරන වන අලියා 7 Views කන්තලේ සුරියපුර සැරිසරන වල් අලියකු රාත්‍රී කාලයේ ගෙවල්වලට ඇතුළු වී හාල් පොල් සීනී කෑමට අමුතුම උපක්‍රමයක් යොදාගෙන ඇතැයි වනජීවී නිලධාරී බී ඩබ්ලිව් රත්නායක මහතා පවසයි. මිනිසුන්ට හෝ දේපළවලට හානි නොකරන මේ වල් අලියාගේ උපක්‍රමය වී ඇත්තේ විදුලි මනුව ළගින් විදුලිය විසන්ධි කිරීම බව රත්නායක මහතා කියයි. සුරියපුරයේ නිවාස හත අටකම වී, හාල් ආදී දේ මේ වල් අලියා විසින් කා දැමු අවස්ථාවවල විදුලිය විසන්ධිවීම ගැන ගැමියන් සෝදිසියෙන් සිටි බවත් අලියා පළමුව හොඩවැලෙන් විදුලි මීටරය විසන්ධි කරන අයුරු ගැමියන් කිහිප දෙනකු දැක ඇති බවත් රත්නායක මහතා පවසයි. මේ අලියා අල්ලා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇතැයිද ඔහු කියයි. විදුලි වැට උඩින් ලීයක් දමා විදුලිය අක්‍රීය කරීමෙන් වගා ඇති දෙසට ගිය වල් අලින් ගැන මීට කළින් වාර්තා විය. Share awesome featured Latest pretty cool slider spotlight Trending 2013-10-18 ceylonradio Share Facebook Twitter Google + Pinterest