ඇය පුංචි තිරයේ, රිදී තියේ මෙන්ම දේශපාලන වේදිකාවෙත් වැඩියෙන්ම කතාබහට ලක්වන චරිතයක්. ක්ෂේත්රයේ කා අතරත් සුහදශීලීව කටයුතු කරන ඇය නමින් අනර්කලී ආකර්ෂා ජයතිලකය.
ඉතිං අනර්කලී කොහොමද වැඩ කටයුතු
මේ දවස්වල අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධවෙලා ඉන්නවා.
මොකක්ද ඒ අලුත් ටෙලිනාට්‍යය
සාරංගනා. මට මේ ටෙලිනාට්‍ය හරි විශේෂයි. මේ නාට්‍යයේ චරිතයට ගොඩක් ආසයි. හේතුව කටකාර දඟකාර, හුරුබුහුටි ගෑනු ළමයෙක්ගේ චරිතයක් නිසා. හරියට සින්ඩරෙල්ලා කතාව මතක් වෙනවා.
ඔබ මේ නාට්‍යයේ දිගටම රංගනයෙන් දායක වේවි නේද?
ඔව් මම හරිම ආසාවෙන් මේ නාට්‍යයේ වැඩවලට යන්නේ.
රංගනයට අමතරව ඔබ මේ දිනවල වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ නිවේදිකාවක් විදියට?
ඔව්. මේ දවස්වල දෙරණ නාලිකාවේ සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහනේ නිවේදිකාව විදිහට කටයුතු කරනවා. ඇත්තටම මම මේකට කැමැති වුණේ ඩාන්සින්, මියුසික්වලට ගොඩක් කැමැති නිසා.
කොහොමද මේ සඳහා ලැබෙන ප්‍රතිචාර
ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම හරි සතුටුයි මට මේ ගැන.
පසුගිය දිනවල ඔබ ජනප්‍රිය නළුවෙක් එක්ක ආරවුලක් ඇති වුණා. තාමත් ඒ ගැන තරහෙන්ද ඉන්නේ ?
පසුගිය දවස්වල දුරකථනය ඔස්සේ කතා කළා. දැන් ප්‍රශ්නයකුත් නෑ. තරහකුත් නෑ.
අනර්කලී ජනප්‍රියද ප්‍රසිද්ධද
ඒක දන්නේ රසික රසිකාවියන් තමයි.
ඔයා ප්‍රසිද්ධ නිසානේද දේශපාලනයට එන්න අවස්ථාව ලැබුණේ.
ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි මටත් වඩා ප්‍රවීණ අය තරග වැදුණා. ඒ අය මට වඩා ජනප්‍රියයි.
මේ සියලුදේ එක්ක ඔබ කොහොමද මේ වැඩකටයුතු කළමනාකරණය කරන්නේ?
මම ආදර්ශයට ගන්නේ මවක් කියන චරිතේ. මොකද අද මව කියන චරිතේ රැකියාවක් කරන ගමන් ගෙදර වැඩ, සැමියාගේ, දරුවන්ගේ වැඩ හැමදේම කරනවා. ඒ වගේම මමත් දේශපාලන වැඩ, රංගනය, නිවේදන කටයුතු, ව්‍යාපාර කටයුතු සමබරව කරගෙන යනවා.
මොනවද අලුත් ව්‍යාපාර වැඩ
හොටෙල් ක්ෂේත්රයට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔබ හිතනවද ඔබ සාර්ථක ව්‍යාපාරිකාවක් කියලා?
ඔව්. මට උපතින්ම තියෙන දෙයක් ව්‍යාපාරික හැකියාව. මගේ පවුලේ හැමෝම ව්‍යාපාර ක්ෂේත්රයට සම්බන්ධයි. ඒ නිසා මම කැමැතියි මේ ක්ෂේත්රයට. අනික ව්‍යාපාරිකාවක් කියන දේ ලොකු දෙයක් නෙමේ මට.
මේ හැමදේම එක්ක ආදරය ගැන මොකද හිතන්නේ?
ආදරය සුන්දරයි. ඒත් අද ආදරය අලෙවිකරණය වෙලා. ඒ තරම් ආදරය ෂුවර් නෑ. මොකද තමන්ට සදාකාලිකවම ආදරෙන් ඉන්න කෙනෙක් හොයාගන්න අමාරුයි.
මේ ලෝකේ ඔයා වැඩියෙන් ආදරය කරන කෙනෙක් ඉන්නවාද?
ඔව් මගේ අම්මා. තමුන්ගේ අම්මා විතරයි තමන්ට හරියට ආදරය කරන්නේ. ඒ ආදරය සදාකාලික දෙයක්.
ඔය ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය, සුන්දරත්වය හැමදාම තියෙන්නෑ. කවදාහරි පසුතැවේවි නේද දවසක ඔබ විවාහ වුණේ නෑ කියලා?
මම විවාහ වෙන්නෑ. මම හිතනවා පසු තැවෙන්නෙත් නෑ කියලා. මගේ ලෝකය රට, කලාව, දේශපාලනය, ව්‍යාපාරය, රංගනයෙන් ඈත් වුණොත් මම වයසට ගියාම චිත්‍රපට නිෂ්පාදනය කරයි. යොවුන් පරපුරට ශක්තියක් වෙනවා. ඒක තමයි මගේ එකම හීනය. මම ගැන මට බලාගන්න පුළුවන්. මට ඕනෑ නිදහසේ ජීවත් වෙන්න.
මොනවද ඉදිරියේදී රංගනයෙන් දායකවන අලුත් නිර්මාණ
ජූලි හතයි කියන චිත්‍රපටයට දායක වුණා.
අනර්කලී කියන්නේ මොනවගේ චරිතයක්ද
හරි සංකීර්ණ චරිතයක්.
Rivira