14.9 C
London
Friday, April 25, 2025
spot_img

මම දැන් “කළු කුමාරි”මාධනී මල්වත්තගේ

වේදිකාවේ ආභාෂය ලබමින් රංගනයට ආ දක්‍ෂ මෙන්ම පළපුරුදු රංගන ශිල්පිණියක්‌ ලෙසට මාධනී මල්වත්තගේ හඳුන්වාදෙන්න පුළුවන්. මෑත කාලයේ වේදිකාවේ සිටින ප්‍රබල භූමිකා කිහිsපයෙහි එක්‌ අයෙකු ලෙසත් ඇය තවත් අයුරකින් හඳුන්වා දිය හැකියි. ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූ සුද්දෙක්‌ ඔබ අමතයි, බූරුවා මහත්තයා, දික්‌තල කාලගෝල, කැළණි පාලම වේදිකා නාට්‍ය සමගින් රටවටා යන මාධනී මේ දිනවල ටෙලිනාට්‍යය නිළියක්‌ ලෙසටත් නිර්මාණ කිහිපයකම සිටීම නිසා කාර්යබහුල වෙලා.

වේදිකා නාට්‍යය කිහිපයකම රඟපෑවත් කේ.බී හේරත්ගේ අලුත් වේදිකා නාට්‍ය වන කළු කුමාරි නාට්‍යය සඳහා ඇය සම්බන්ධ වන්නේ වේදිකාවේ ඇය නැතිවම බැරි චරිතයක්‌ නිසාවෙනුයි. කාලෙකට පසුව ටෙලිනාට්‍යය රැසකටම ද ඇය සම්බන්ධ වී සිටිනවා. ඒ අතරින් කිහිපයක්‌ ලෙසට විමලරත්න අධිකාරිගේ නව නිර්මාණයකටත්, සමන් කුමාර ලියනගේගේ මොණරතැන්න ටෙලිනාට්‍යයත්, සුමුදු වෙල්ලාවලගේ හුස්‌ම සහ ඔක්‌සිජන් ටෙලිනාට්‍යයත්, අනුර මාධව ජයසේකරගේ නව නිර්මාණයකටත්, අජිත් ලොකුගේගේ ටෙලිනාට්‍යයකටත් සම්බන්ද වී සිටිනවා. මේ අතරින් කිහිපයක්‌ විකාශනය වන අතරේ ඇය රංගනයෙන් එක්‌ වී සිටිනවා.

වසර දොළොහක්‌ පමණ වන ඇගේ රංගන ජීවිතේ එකවර මෙපමණ ටෙලිනාට්‍ය ප්‍රමාණයක රඟපෑ පළමු අවස්‌ථාව මෙය නිසා මේ දිනවල මාධනී ගොඩක්‌ වෙහෙසකාරී කාලයක්‌ ගත කරන බවයි ඇය අප සමග පැවසුවේ. රංගන කටයුතු එසේ සිදුවෙද්දී මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය (ඇඩික්‌) මගින් සිදුකිරීමට නියමිතව ඇති කෙටි නාට්‍යය උළෙල සඳහා නාට්‍ය තෝරා ගැනීමේ දී විනිශ්චය මණ්‌ඩලය නියෝජනය කරන සමාජිකාවක්‌ ලෙසටත් ඇය කටයුතු කරනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles