14.9 C
London
Friday, April 25, 2025
spot_img

මම මේ කාරණය රහසක් හැටියට තබා ගත්තෙ නැහැ…

සුපිරි නිළි ඇන්ජලිනා ජොලීට පසුගිය සතියේ ඇමෙරිකානු වෛද්‍ය වෘත්තිකයන් රැසකගේ ප්‍රශංසාව හිමි වුණා.

ඒ පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය සැත්කමකට මුහුණ දී සුවය ලබා ඒ බව ලොවට හෙළිදරව් කිරීම නිසයි. ඇන්ජලිනාට පියයුරු පිළිකාවෙන් ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව වෛද්‍යවරු පැවසූ විට ඇයට සිහිපත් වුණේ තම මව ද එවැනිම පිළිකාවකින් මියගිය අයුරුයි.

වෛද්‍යවරු ඇන්ජලිනාට දන්වා තිබුණේ ඇයගේ පියයුරු පිළිකාවෙන් ජීවිතයට ඇතිවී තිබෙන අවදානම 87% ක් තරම් වන බවයි.

”පහුගිය පෙබරවාරි මාසයේ ඉඳල මට ප්‍රතිකාර කෙරුණා. ඉන් පස්සේ ශල්‍ය කර්මයක් සිදු කෙරුණා. මම මේ කාරණය රහසක් හැටියට තබා ගත්තෙ නැහැ. මුළු ලෝකෙටම කිව්වා.

ඒ, පියයුරු පිළිකාවලින් පෙළෙන කාන්තාවන්ගේ බය නැති කරන්නයි. සමහරු මේ වගේ රෝගයක් තමන්ට තියෙන බව දන්නෙ නැහැ. ඒ අයගේත් අවධානය යොමු කරන්නයි මම, මගේ කතාව කිව්වේ.” ඇන්ජලිනා ඇමෙරිකානු පුවත් පතකට එලෙස ප්‍රකාශ කළා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles