“Locked-in syndrome” නමින් හැඳින් වෙන්නේ රෝගියා සිහියෙන් සහ අවදියෙන් සිටින නමුත් බාහිර ලෝකය සමඟ වාචිකව හෝ කායිකව අදහස් හුවමාරු කර ගත නොහැකි තත්වයකි. ඊට හේතු වන්නේ ශරීරයේ දෙඇස් හැරෙන්නට ඉතිරි මාංශපේෂීන් සියල්ල පණ නැති වීම හෙවත් අංශභාග තත්වයට පත් වීමයි. මෙහි දැක්වෙන්නේ වසර 7 ක් මෙම “Locked-in syndrome” නමැති රෝගයෙන් පෙළෙන Tony Nicklinson හට මරණය ඉල්ලා උසාවිය වෙත කළ ආයාචනය ප්‍රත්ක්‍ෂේප වූ මොහොතයි.
විනිසුරු පවසන්නේ මෙවැනි කාරණා උසාවියකට තීරණය කළ නොහැකි බවයි.“Tony සහ Martin ගේ සිද්ධිය සියල්ලන්ගේ හද කම්පා කරවන තත්වයකි. තම ජීවිතය අවසන් කර ගැනීමට තමාට ඇති අයිතිය තහවුරු කර ගනීමට ඔවුන් තුළ පවත්නා ආසාව ඉතාමත් පරිස්සමින් සහ සානුකම්පිතව සළකා බැලිය යුත්තක් වන්නේ, මෙම තත්වය හා සම්බන්ධ තවත් වැදගත් කරුණු පිළිබඳ සැළකීමෙන් කටයුතු කිරීමට සිදු වීමයි. ඔවුන්ට එම අයිතීන් ලබා දීමේ විපාක ලෙස මවැනි අවස්ථාවන් අභිබවා යන්නා වූ තවත් අවස්ථාවන් ඉස්මතු වීම සිදු විය හැක. Tony ගේ ඉල්ලීම ඉටු කිරීමට උසාවියේ නීති මාලාවේ විශාල වෙනසක් සිදු කළ යුතු වේ. Martin ගේ ඉල්ලීම් ඉටු කිරීමට ජන අභිචෝදන අධ්‍යක්‍ෂ (DPP) හට පනවා ඇති නීතිමය ක්‍රියාකලාපය අභිබවා යාමට බල කිරීමට උසාවියට සිදු වනු ඇත. උපකෘත දිවි නැසීම් වෙනුවෙන් වූ නීතීන් වෙනස් කිරීම සහ එසේ කිරීමෙන් පසු පැනවිය යුතු ආරක්‍ෂක විදිවිධාන පිළිබඳ තීරණ ගැනීම උසාවියට සිදු කළ හැක්කක් නොවේ. පවතින ආණ්ඩු පද්ධතිය අනුව මෙය පාර්ලිමේන්තුව විසින් ගත යුතු තීරණයක් වන අතර උසාවියේ එක් එක් නඩුවට අදාළව මෙයට තීන්දු දිය නොහැක. මෙම හේතූන් නිසා මෙම ඉල්ලීම මම ජූරියට ඉදිරිපත් නොකරමි”. විනිසුරු පවසා සිටියේය.