Saturday , 28 November 2020

මර්වින්ට අළුත් අවුරුද්දට බුලත් දී වැඳ එන්නයි කැලණිය පොලිස් අධිකාරීගෙන් නියෝගයක්

කැලණිය පෑලියගොඩ කිරිබත්ගොඩ සපුගස්කන්ද යන පොලිස්ථාන වල සේවය කරන නිලධාරීන්ට අළුත් අවුරුද්දට මර්වින් සිල්වා බැහැ දැක බුලත් දී වැඳ එන්නයි කැලණිය පොලිස් අධිකාරී රොෂාන් සිල්වා විසින් නියෝග කිරීම ගැන එම පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරීහු අසතුට පළ කරති.

තවද මෙම නිලධාරීන් පෙන්වා දෙන අන්දමට පොලිස් අධිකාරී රොෂාන් සිල්වා යනු පානදුර , පොලොන්නරුව යන ප්‍රදේශ වල සේවය කල කාලයේදී මහා පරිමාණයෙන් කසිප්පු බිස්නස් කල ජාවාරම්කරුවන්ගෙන් පගා ගන්නා ලද දූෂිත නිලධාරියෙකි.

එසේම කේලම් කීම මගින් අනෙකුත් නිලධාරීන් කපා දමමින් දේශපාලකයන්ට ආත්මය පවා දෙමින් උසස්වීම් ලබාගත් බත් ගොට්ටේකි. මෙවැනි නිලධාරීන් නිසා පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් සුනඛ මට්ටමට ඇද වැටෙන බව ඔවුහු පවසති.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...