මව්කිරි ලොලිපොප් එකක් June 12, 2013 Comments Off on මව්කිරි ලොලිපොප් එකක් 5 Views සැබෑ මව් කිරිවලට සමාන රසයක් සහිත රසයක් ඇති ලොලිපොප් තැනීමට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් හි ලොලිෆිල් නම් රස කැවිලි සමාගමක් සමත්ව තිබේ. එහෙත් මෙම ලොලිපොප් නිෂ්පාදනයට සැබෑ මවුකිරි යොදා නොගන්නා බවත් මෙය නිර්මාංශ ආහාරයක් බවත් එම රසකැවිලි සමාගම පවසයි. මව්වරුන් හතර දෙනකුගේ කිරි නියැදි පිරික්සා බලා හොඳම රසැති මව්කිරි නියැදියට සමාන රසයකින් යුක්තව මෙම ලොලිපොප් නිර්මාණය කළ බව රස කැවිලි සමාගමේ නිර්මාතෘ ජේසන් ඩාර්ලිං පවසා ඇත. මව් කිරි රසැති ලොලිපොප් හතරක් ඇමෙරිකා ඩොලර් 10 කටද, ලොලිපොප් 12ක ඇසුරුමක් ඩොලර් 24කටද, ලොලිපොප් 36ක ඇසුරුමක් ඩොලර් 58කටද අලෙවි කෙරෙන බවද එම සමාගම පවසයි. කෙසේ නමුත් මෙයට මවුවරුන්ගේ සංවිධානවලින් යම් විරෝධයක් එල්ලවුවහොත් බොහෝ විට නිශ්පාදනය නවතා දැමීමට සිදුවනු ඇති බවත් විචාරක මතය වී තිබේ. Share featured Latest pretty cool slider 2013-06-12 ceylonradio Share Facebook Twitter Google + Pinterest