මහලු මව මරා, මන්ද මානසික දියණිය කෙළෙසා පළා ගිය දූෂකයා හෙළකින් වැටී එතැනම මරුට

පිටිගල ප්‍රදේශයේ ජීවත් වූ මහලු මවක් ඝාතනය කර, මන්ද මානසික ඇගේ දියණිය දූෂණය කර පලායමින් සිටි පාපතරයෙකු ඊයේ (26) අලුයම හෙළකින් වැටී මියගොස් ඇති බව වාර්තා වේ.

පිටිගල බඹරවාන ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සහ දැරූ අවස්ථාවේ සැකකරු අනතුරට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අදාළ කාන්තාව ඝාතනයට යොදාගත් ආයුධය සෙවීම සඳහා අද අලුයම 1.00ට පමණ පොලීසිය සැකකරු සමඟ බඹරවාන ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී සැකකරු පාලායාමට උත්සහ ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඊයේ අත්අඩංගුවවට ගෙන තිබුණි.

පසුගියදා පිටිගල ප්‍රදේශයේ මවක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර දියණිය පැහැරගෙන ගොස් දූෂණය කළ බවට සැකකරුට

74 වැනි වියේ පසුවූ තිලකාවතී 33 හැවිරිදි මනස නොමේරූ දියණිය සමග ජීවත් වී ඇත්තේ තේ දළු නෙළීමෙන් උපයා ගන්නා සොච්චමෙනි. තිලකාවතීගේ සැමියා මියගොස් ඇත්තේ මීට වසරකට පමණ පෙරය. තිලකාවතීගේ ලොකු දුව ද විවාහ වී නිවසෙන් පිටව යෑමෙන් පසු සිය බාල දියණියගේ බර පැටවී තිබුණේ මේ මහලු මව මතය.

බුලත්සිංහල ප්‍රදේශයේ සිට පිටිගල ප්‍රදේශයේ තේ වත්තක සේවයට පැමිණ සිටි මෙම සැකකාර පාපතරයාගෙන් තම අහිංසක දියණියට බේරාගැනීමට තැත්කළ තිලකාවතීගේ හිස මතට පිහියකින් කොටා ඇත. තම මව එතැනම මැරී ඇද වැටුණු පසු දියණිය බේරීම සදහා පිටිපස්ස දොරින් පළා ගොස් ඇත්තේ ඔහුගෙන් බේරීමටය. එහෙත් ඇගේ පිටිපස්සෙන් පන්නගෙන පැමිණි දුෂකයා ඇයව අල්ලාගෙන කට වසා වත්තේ පාළු ගේකට ඇදගෙන ගොස් ඇත. කිසිවෙකුගෙන් වත් උදව් නොලද ඇයට අවසානයේ මේ පාපතරයාට ගොදුරු වීමට සිදුවිය. මේ තිරිසන් නරුමයා සියලු සතුට විඳගෙන අවසානයේ ඇගේ දෑත් බැඳ දමා ඈ සිහිසුන්ව සිටියදීම පලාගොස් ඇත.

පසුව පිටිගල පොලීසියට ලද පැමිණිල්ලක් අනුව තිලකාවතීගේ නිවස වෙත යන පොලිස් පරීක්ෂකවරයෙක්ට දක්නට ලැබී ඇත්තේ කුණු වී නරක් වී දුගද හමන තිලකාවතීගේ මළ සිරුරය. ඒ සිද්ධිය සිදුවී දින 6 කට පසුවය. තිලකාවතීගේ ලොකු දුව පැමිණ ඇගේ මව හදුනාගත් පසු ඇගේ නැගණිය සොයා පොලිස් පරීක්ෂණ වහා ඇරැඹිණි. තේ වත්තේ කොනක තිබුණු පාළුවට ගිය නිවෙසක තිබී තිලකාවතීගේ දියණියගේ හප කළ ජීවිතය හමුවී ඇත්තේ ඉන් අනතුරුවය. ඈ ඒ හුස්ම ගත්තත් ඇගේ සිරුර බොහෝ සේ දුබල වී තිබුණි. මේ වන විට ඈ ඇල්පිටිය රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියි.

මහලු මව ඝාතනය කර මන්ද මානසික දියණිය දූෂණය කළ සැකකරු අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්විය. මීට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් දඩුවම් ලබා සිටි මොහු ඊයේ අලුයම ඝාතනයට යොදාගත් බව කියන පිහිය ගෙන එන්නට බඹරවාන ප‍්‍රදේශයේ වත්තකට පොලීසිය සමග යමින් සිටියදී පොලීසිය මඟහරිමින් දිවයාමේදී හෙළකින් පහළට වැටී ඇත. ඔහුගේ මළ සිරුර ගාල්ල පිටිගල බඹරවාන ප‍්‍රදේශයේ ගලක් උඩ තිබී හමුවී ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...