මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙ අභියෝගය බාරගනී

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ගුප්ත බලයක් තිබෙන බව ඔප්පු කළහොත් ලක්ෂ 10 ක් පිරිනමන බවට කරනු ලැබූ අභියෝගය බාරගැනීමට එක්තරා මහතෙකු ඉදිරිපත්ව සිටී. දේවාලයක් බාර කපු මහතකු වන ඔහු ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ඉදිරියේ, මේ සඳහා සිය කැමැත්ත පළ කර තිබෙනවා.

මේ අනුව ඔහු විසින් නියමිත දිනයේ දී මෙම කොන්දේසි මාලාවේ අංක 1 වන ගිනි මැලයක් මත්තෙහි තත්පර 30 ක් නොපිළිස්සී සිටගෙන සිටීමේ අභියෝගයට මුහුණ දීමට නියමිතය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියෝග සම්බන්ධ නීති රීති වලට අනුව අභියෝග 12 ක් එක අභියෝගයක් හෝ ජයගැනීම රුපියල් ලක්ෂ 10 දිනා ගැනීම සඳහා ප්‍රමාණවත්ය. අදාළ කපු මහතා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිලධාරී මණ්ඩලය සමග කරන ලද සාකච්ඡාවේදී ඔවුන්ගේ සියලු කොන්දේසි වලට එකඟ වූ අතර, දැනට ඉතිරිව ඇත්තේ එම ගිනි පෑගීම සිදු කරන ස්ථානය තීරණය කර ගැනීම පමණි.

මෙම අභියෝගයට මුහුණ දෙන අවස්ථාව විනිශ්චය කරනු පිණිස ලක්බිම පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියෙකු, ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නියෝජිතයකු සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු සහභාගී වනු ඇත. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණ සහයෝගයද ලබා ගනු ඇත.

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ‍ලේකම් තාරක වරාපිටිය (0727449599) සභාපති සුරපාල (0777295200) සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ සාමාජික අමුණුගොඩ (0773119398) යන මහතුන්ට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක.

•අභියෝග 12•

1. දැවෙන ගිනි අඟුරු මත යටිපතුල් නොපිලිස්සී තත්පර 30ක් හිටගෙන සිටීම.
2. ලියුම් කවරයක බහා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.
3. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ වලංගු මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම.
4. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවනු ලබන වාහනයක් “ගුප්ත බලයකින්” නතර කිරීම.
5. ආධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගෙන විනිශ්චය මණ්ඩලය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදන් කිරීම.
6. විනිශ්චය මණ්ඩලය  විසින් දෙන ද්‍රව්‍යයක බර යටත් පිරිසෙන් 10කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.
7. විනිශ්චය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යයක් ගුප්ත බලයකින් ගොඩගැනීම. (උදා: තරගකරු විසින්ම පිළියෙළ කළ “හූනියමක් වුව” කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩදිය නොහැක්කේ එහිදී ඉලෙක්ටේ‍රානික උපාංග භාවිතා කළහොත් එය තරගකරුගේ හාස්කමකින් නොවන නිසාය.)
8. වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත් කිරීම.
9. හුදෙක්, විශ්ව ශක්ති බලයක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගෙන හෝ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා ඉන්ට(ර්)නෙට් (අන්තර්ජාල) අත්හිටුවීම.
10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබා දුන් විට ඔවුන් සම්බන්ධව පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබා දීම.
(අ)  ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටීනම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ෂයේදීද (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ සමාජ තත්ත්වය, වෘත්තිය, රැකියාව
11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දසදෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගෙන (අප විසින් දස දෙනාට අදාළ ලග්නය, උපන් දිනය, උපන් වෙලාව, ජීවත්වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත.) කිසියම් නිශ්චිත කාලසීමාවක් තුළදී ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක් දේවාශීර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මගින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාළ ලග්නය, උපන් දිනය උපන් වෙලාව, ජීවත් වන ප්‍රදේශ ආදි විස්තර ලබාදෙනු ඇත.) ඒ අතුරින් තරගයෙන් තෝරා ගත් පස් දෙනකු ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක් දේවාශීර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මගින් කිසියම් නිශ්චිත කාලසීමාවක් තුළදී සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
(10,11 හා 12 සම්බන්ධව තරගකරුවන්ට ‍ජ්‍යෝතිෂ්‍ය ‍පොත්පත්, ලිත්, කැලැන්ඩර් හෝ පරිගණකයක් භාවිත කළ හැක.)

 

Source : Hot & Fast News

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...