මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමියන්ගේ ආදාහනය රාජ්‍ය ගෞරවය සහිතව

0
127

අවුරුදු 103ක් ආයු වළඳා අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇත.

බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති මාහිමිපාණන්ගේ ශ්‍රී දේහය ඊයේ (30) ප.ව. 2.00ට  ගම්පහ දක්වා වැඩම කරවීම සිදුකරන ලදී. ආදාහන පූජෝත්සවය සැප්තැම්බර් මස 03 වන සඳුදා සවස 3.00ට මීරිගම ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මීරිගම ශාසනාවර්ධන පිරිවෙනේදී මහනාහිමියන්ගේ දේහයට යුදහමුදා  පොලිසිය ආචාර දැක්වූහ. ගෞරව ආචාර මුරය විනාඩි  විස්සෙන් විස්සට මාරු කරනු ලබයි.