19.4 C
London
Thursday, June 19, 2025
spot_img

මහ රැජිනගේ බලු සුරතලා මිය ගිහින්…

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ කෝර්ගි වර්ගයේ බලු සුරතලා මිය ගොස් ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කරනවා.

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ රැජින පෙනී සිටි රූප දර්ශනයේ රැජින සමඟ සිටි කෝර්ගි වර්ගයේ බලු සුරතලකුද පෙනී සිටියා.

එම දර්ශන පෙළේ දී රැජිනගේ කාමරය
වෙත රහස් ඔත්තු නිලධාරියාගේ චරිතය නිරූපණය කළ ඩැනියෙල් ක්‍රේග් ගමන් කරන විට වැටි වැටී දිව යන මෙම බලු සුරතලුන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා.

එම දර්ශන පෙළට සහභාගී වූ මොන්ටි නම් කෝර්ගි වර්ගයේ බලු සුරතලා මෙලෙස මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා. මොන්ටි මිය යන විට 13වැනි වියේ පසුවුනා.

මොන්ටි සමඟ බකිංහැම් මාළිගයේ විලෝ සහ හෝලි නමින් තවත් කෝර්ගි වර්ගයේ බලු සුරතලුන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් ද ලන්ඩන් ඔලිම්පික් සමාරම්භක උළෙලේ රැජින පෙනී සිටි රූපරාමු අංගයේ රඟපෑවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles