14.9 C
London
Friday, April 25, 2025
spot_img

මානසික ව්‍යාකුලතාවට පත් සෙබලා ජේතවන ස්ථූපයේ මුදුනට නගී.

මානසික ව්‍යාකුලතාවයට පත් වූ යුද හමුදා කෝප්‍රල් වරයෙකු වූ ඩබ්ලිව් එම් වීරසිංහ පසුගිය 17 වැනිදා අඩි 408 උසැති ජේතවන ස්ථූපයේ මුදුනට නැග තිබේ. රුවන්වැලි සෑයේ කොත තමන්ගේ බවත්, එය සොරුන් ගෙන ඇතැයි ලැබුණු ආරංචි අනුව සොයා බැලීමට ජේතවන ස්ථූපයට ගොඩ වූ බව ඔහු විසින් පසුව ප්‍රකාශ කොට ඇත.

මොහුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මියට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම හමුදා සාමාජිකයා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කරන ලදී. එසේම මහේස්ත්‍රාත්වරිය විසින් යුද හමුදා කෝප්‍රල්වරයා මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.

යුද හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කල මධ්‍යස්ථානය බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසින් වසා දැමීමෙන් පසුව මෙවැනි මානසික ව්‍යාකුලතාවයන්ට පත් වූ සොල්දාදුවන් විසින් විවිධ සමාජ විරෝධී ක්‍රියා සිදු කොට ඇත.

අප විසින් මේ සම්බන්දයෙන් විමසීමට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල මහතාට දුරකතනයෙන් කිහිප විටක්ම ඇමතු නමුත් ඔහු වෙනුවට දුරකතනයට පිළිතුරු දුන් වෙනත් නිලධාරියෙක් බ්‍රිගේඩියර් කමල් සුමනපාල මහතාට වැඩ කටයුතු අධික නිසා දුරකතනයට ඒමට නොහැකි බව පැවසිය.

රණවිරු සෙවනේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති වූ තවත් නිලධාරියෙක් ප්‍රකාශ කලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාලගේ අන්තනෝමතික තීරණයක් මත මනෝ වෛද්‍ය නිල් ප්‍රනාන්දු මහතා විසින් යුද හමුදා රෝහලේ ආරම්භ කල යුද ආතතියට ප්‍රතිකාර කල මධ්‍යස්ථානය වසා දැමීම සමස්ත යුද හමුදාවටම කල ද්‍රෝහී කමක් බවත් මේ නිසා යුද ආතතියට පත් වූ බොහෝ සොල්දාදුවන් අසරණව සිටිනවී බවත්ය. සමහරෙකු මේ වන විට දිවි නසාගෙනද තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles