මායා කැලැන්ඩරය අවසන් : රෝමානු කැලැන්ඩරය කරළියට

ලෝකයේ බිලියනයක ජනතාවගේ ආධ්‍යාත්මික නායක බෙනඩික්‌ පාප්තුමන් කිතු උපත පිළිබඳ නව මතවාදය කෘතියක්‌ මගින් හෙළිකිරීමත් සමගම ඒ පිළිබඳව නව සංවාදයක්‌ ගොඩනැඟෙමින් පවතී. උන්වහන්සේගේ කෘතියේ පිටපත් දස ලක්‍ෂයක්‌ දැනටමත් අලෙවි වී තිබේ. පැහැදිලි අහසක්‌ ඇති දිනක තරු පායා තිබුණු සිසිල් රාත්‍රියක ලෝකයේ ගැලවුම්කරු උපත ලබා ඇති බව ශුද්ධවූ බයිබලයේ සඳහන්වේ. තරුපායා ඇති රාත්‍රියක්‌ වූ බැවින් එය පසළොස්‌වක පෝය දිනක්‌ විය නොහැක. රජතුන්කට්‌ටුව පලස්‌තීනයට යන මාර්ගය සොයා ගැනීමට උපකාරී වූ තාරකා මාර්ග සිතියම පැහැදිලි සෘතුවක අහස අධ්‍යයනය කරමින් බෙත්ලෙහෙම වෙත ගමන් ගන්නට ඇත. එමෙන්ම ක්‍රිස්‌තුන් උප්පත්තිය සිදු වු දිනයේදී සඳ පූර්ණව තිබුණු බවට චිත්‍රයක්‌ ඇත.

ඡේසු බිළිදාගේ උපත කුමන සෘතුවක සිදුවීදැයි නිශ්චිතවම නිගමනය කළ නොහැකිය යන මතයක්‌ පවතී. හෙතෙම හෙරල්ඩ් අධිරාජයාගේ සමය ආශ්‍රිතව උපත ලබා ඇති බව තවත් මතයකි.

බෙනඩික්‌ පියතුමාගේ කෘතියට අනුව කිතුණු උපත ශ්‍රීක යුගයට තල්ලුවෙත්ම ඒ සමයේදී ලෝකයේ පෙර අපරදිග දාර්ශනිකයන් හා විද්‍යාඥයෝ පහළවූ යුගයයි. එය ග්‍රීසියේ සොක්‍රටීස්‌ ප්ලේටෝ හා ආකිමිඩිස්‌ගේ යුගය විය. ඉන්දියාවේ දැකිය හැක්‌කේ සොළොස්‌ මහා ජනපද සමයයි. ඇතැන්ස්‌ ගන්ධාර හා තක්‍ෂිලාව අධ්‍යාපන මධ්‍යස්‌ථාන විය. මෙය ලෝකයේ බුද්ධිමත්ම යුගයයි. ජර්මන් මතවාදයකට අනුව ඡේසුතුමා භාරතයේ ආගම් හා දර්ශනයන් අධ්‍යයනය කර ඇත.

රෝම දින දර්ශනය සම්මත කර ගැනීමට රෝම අධිරාජ්‍ය දියෝක්‌ලිස්‌ටන්ට බොහෝ කිතුණුවන් ඝාතනයට පත් කිරීමට සිදු විය. ක්‍රිස්‌තුන් ක්‍රි. පූ. 06 වැනි සියවසේ නාසරෙත් හි උපත ලබා ළමාදිවිය ගතකර ඇත යන්න තව මතයක්‌ ඇත. අවුරුදු 12 දී හෙතෙම ජෙරුසලම් දේව මන්දිරයේදී දාර්ශනිකයන් හා ආගමික සංහිඳියාව පිළිබඳ මතවාදයක යෙදී සිටි බව අසන්නට ලැබේ. වසර 12 ට පසුව ක්‍රිස්‌තුන් තම දෙමාපියන්ට කීකරුව ජීවත්වූ බව එක්‌ වාක්‍යයකින් විස්‌තර කරදී ඇත. තම ගමනාගමනය සඳහා කොටළුවකු තෝරාගැනීම පිළිබඳ ඇත්තේද ගැඹුරු ආර්ථකථනයකි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...