මාරක දුම්රියේ රියදුරු අල්ලයි

0
117

1011552_585458681506219_187864028_n

පුද්ගයලන් 78කට මරුකැඳවමින් ස්පාඤ්ඤයේ අනතුරට ලක්වූ අධිවේගී දුම්රියේ රියදුරු රැඳවුම්භාරයට ගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම අනතුරෙන් තුවාල ලැබූ ෆ්‍රැන්සිස්කෝ හොසේ ගාසොන් නම් මෙම රියදුරා පොලිස් මුරකාවල් යටතේ ඔහු රෝහල්ගතකර තිබේ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තවමත් කටඋත්තරයක් ගැනීමට නොහැකි වී ඇතැයි ස්පාඤ්ඤ පොලිසිය මාධ්‍යයට පවසා තිබේ.

නියමිත වේගය මෙන් දෙගුණයකට වැඩියෙන් මෙම දුම්රිය ධාවනය කර ඇතැයි මේ වන විට සැක මතුවී ඇති අතර, දුම්රියේ කළු පෙට්ටිය මේ වන විට මේ සම්බන්ධව කටයුතු කරන විනිසුරුවරයා භාරයේ පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ෆෙරොල් නගරය හා මැඩ්රිඩ් අගනුවර අතර අධිවේගී දුම්රිය මාර්ගයේ ගමන් කළ මෙම දුම්රිය අනතුරට ලක් වන විට එහි මගීන් 218ක් හා සේවකයන් සිවුදෙනෙකු සිට ඇතැයි වාර්තා වේ.

ස්පාඤ්ඤ ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුරක් ලෙස සටහන් වන මෙම සිද්ධියෙන් අනතුරුව එරට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
More Photos-https://www.facebook.com/media/set/edit/a.421727951277241.1073741849.266686060114765/
(ඡායාරූප : ඩේලිමේල්)