13.1 C
London
Friday, November 14, 2025
spot_img

මාරාන්තික වෛරසයක් මැදපෙරදිග හිස ඔසවයි

සාස් පවුලට අයත් නෝවල් කො‍රෝනා නැමැති මාරාන්තික වෛරසයක් ලොව පුරා පැතිර ගියහොත් ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත. එහෙත් මේ වන විට රෝගය පැතිරයාමේ අවධානමක් නොමැති බවත් ඒ පිළිබඳව කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. පසුගිය දිනවල මැද පෙදරදිග රටවල පැතිර ගිය මෙම වෛරසය මේ වන විට පාලනය වී ඇති බැවින් ‍එම රටවල සිට පැමිණෙන පුද්ගලයින් විශේෂ වෛද්‍ය පර්යේෂණයකට ලක් කිරීමට අනවශ්‍ය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇතැයි හෙතෙම කීය. යම් හේතුවකින් මෙම වෛරසය මෙරටට ඇතුලත් විය නොහැකි අන්දට ගුවන් තොටු‍පළ සෞඛ්‍ය ඒකකය මඟින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇතැයිද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles