මාරාන්තික සුදු ගෝනුස්සා පැතිර යාමේ අවදානමක්
යාපනය අර්ධද්වීපයේ පමණක් දක්නට ලැබෙන මාරාන්තික විෂ සහිත සුදු ගෝනුස්සා දිවයිනේ අනෙකුත් පළාත්වලට ද පැතිර යාමේ අවදානමක් ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පේරාදෙණිය සරසවියේ පර්යේෂණ කණ්ඩායම පවසයි.
කරෙයිනගර්, අච්චුවේලි, පලාලි යන ප‍්‍රදේශවලින් දැනට හමුවී ඇති මෙම ගෝනුස්සා ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බවටයි සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. මෙම ගෝනුස්සා දෂ්ට කිරීමෙන් වසර 2009 ට පෙර පුද්ගල මරණ වාර්තා වී ඇතත්, ඉන් පසුව මරණ වාර්තා වී නොමැති බව යාපනය රෝහලේ වෛද්‍ය එන්.පී. දිනමිත‍්‍ර ප‍්‍රකාශ කළේය.
මාරාන්තික විෂ සහිත මෙම සුදු ගෝනුස්සා යාපනය අර්ධද්වීපයේ පමණක් ව්‍යාප්ත වීමට හේතුව නිශ්චිතව ප‍්‍රකාශ වී නැත. ඒ පිළිබදව පර්යේෂණ සිදුකළ කණ්ඩායමේ සාමාජිකයන් අතර ද ඒ පිළිබදව විවිධ මත පවතී. ඇතැමුන් පවසන්නේ පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ජීව විද්‍යාත්මක අවියක් ලෙස භාවිතා කිරීම සඳහා මෙම ගෝනුස්සා රැගෙන එන්නට ඇති බවයි. කෙසේ වෙතත් යාපනය රෝහලේ වෛද්‍ය එන්.පී. දිනමිත‍්‍ර එම මතය බැහැර කරයි.
- Advertisement -