මාලනී ෆොන්සේකා මන්ත්‍රී ධූරය අත්හරී?

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පාර්ලිමේන්තුවට ඒම සදහා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින මාලනී ෆොන්සේකා මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීරණය කොට තිබෙන බව වාර්තා වේ. මේ වන විට උතුරු මැද මහ ඇමති තනතුර පිළිබදව ඇතිවී තිබෙන අර්බුධය විසදීම සදහා ජනාධිපති කාර්යාලයෙන් කළ ඉල්ලීමකට ගරුකරමින් ඇ‍ය මේ තීරණය ගත් බවත් ඒ අනුව (24) උතුරු මැද පළාත් මහ ඇමති ලෙස එස්.එම්.රංජිත් මහතා දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වේ. මීට පෙර ජාතික ලැයිස්තුවෙන් පර්ලිමේන්තුවට පැමිණ සිටින ගම්පහ දිස්තික්කය නියෝජනය කරන කමලා රණතුංග මහත්මියගෙන් ද මේ ඉල්ලීම කර ඇති නමුත් ඇ‍ය ඊට කැමැත්ත පලකොට නැති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.මාලනී ෆොන්සේකා මහත්මිය මේ තීරණය ගත් හෙයින් උතුරු මැද පළාත් මහ ඇමති තනතුර සදහා මෙතෙක් පැවති අර්බුදය ට පිළියම් යෙදෙතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මාලනී ෆොන්සේකා මහත්මිය සිය ඉල්ලා අස්වීමට අදාල ලිපිය (24) ජනාධිපතිවරයා වෙත ලබා දෙනු ඇතැ‍යි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.මෙලෙස සිය මන්ත්‍රී ධූරය අත් හරින මාලනී ෆොන්සේකා මහත්මියට ඉතා වැදගත් තනතුරක් පිරිනැමීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...