මිනිමරු චෝදනා ලද මර්වින් හෝ දුමින්දගෙන් කට උත්තරය නොගත් පොලීසිය දෙමළ මංත‍්‍රිවරු පෝලිමට කැඳවයි

මිනීමරුවන් බවට ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයින් විසින්ම ප‍්‍රසිද්ධියේ චොදනා කර ඇති දුමින්ද සිල්වාගෙන් හෝ මර්වින් සිල්වාගෙන් හෝ මේ තාක් කිසිදු කට උත්තරයක් වත් ගෙන නැති රාජපක්ෂ පොලීසිය දැන් ආන්ඩුවේ පන්දම්කාරයින් නොවන දෙමළ මංත‍්‍රිවරුන් පෝලිමට පොලීසියට කැඳවමින් ප‍්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ. එමෙන්ම දකුණේ ආණ්ඩු පක්ෂයට අයත් පාර්ලිමේන්තු මංත‍්‍රීවරු පමණක් නොව සුදර්මන් රැදලියගොඩ වැනි රාජපක්ෂික ව්‍යාපාරික ජනමාධ්‍යවේදීන් පවා අධිකරණයෙන් නිත් කරන නොතීසි සහ වරෙන්තු පවා ගනන් ගන්නේ නැත. ඒසේ වෙතත් දෙමළ ජාතික මංත‍්‍රිවරයකු පොලීසයට පැමිනීමට පමා වුවත් එය සළකනු ලබන්නේ වරදක් ලෙස ය.
පසුගිය දා පොලිස් මෙහෙයුමකින් පසු ඔහුගේ කාර්‍යාලයේ තිබී කොන්ඩම් සහ පුපරණ දුව්‍ය සොයාගත් බවට පොලීසිය වාර්තා කළ කිලිනොච්චිය පා.ම. ශ‍්‍රීධරන් දිගින් දිගටම පොලිස් තර්ජනයන්ට ලක්වන එක් දෙමළ දේශපාලනඥයෙකි. ඔහුගේ කාර්‍යාලයේ දී තිබිණැයි අත් අඩංගුවට ගත් බව කී එකී ද්‍රව්‍යයන්හි ජායාරුප ආරක්ෂක අමාත්‍යාංයේ වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කරන ලද අතර ඉන් පසු එම ජායාරූප ඇතුළත් පත‍්‍රිකාවක් දෙමළ බසින් මුද්‍රණය කර එම මංත‍්‍රිීවරයාට විරුද්ධව කිලිනොච්චියේ බෙදා හරින ලදී. අත් අඩංඟුවට ගත් මංත‍්‍රීවරයාගේ ලේකම් එම ද්‍රව්‍ය කිසිවක් මංත‍්‍රිීවරයගේ කාර්්‍යාලයේ නොතිබුණ ප‍්‍රකාශ කරයි. පා.ම. ශ‍්‍රීධරන්ගෙන් ද පොලීසිය ප‍්‍රශ්ණ කරන ලදී.

ඉන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රී ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවූ පොලීසිය ඔහුගෙන් පැය ගණනාවක් ප‍්‍රශ්ණ කළේ ය.

ඉන් පසු මන්නාරම දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මංත‍්‍රී සහ ටෙලෝ නායක සිවාජිලිංගම්ගෙන් පොලීසිය පසුගිය දා ප‍්‍රශ්ණ කළේ එල්ටීටීඊයට බෝට්ටු දෙකක් සැපයීමේ පැමිණිල්ලක් ගැනය. පොලීසිය ඊට සාක්ෂිකාරයකු ද සොයාගෙන තිබුණි.

මේ අතර හිටපු පා.ම. සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් එස්. කජේන්ද්‍රන්ගේ යාපනයේ කන්දර්මඩම් හි පිහිටි නිවසට හමුදා නිල අඳුමින් ගිය සැරසුනු පිරිසක් පැමිණ ඔහු සම්බන්ධව විමසා තිබේ. ඔහු කොළඹ බලා ගොස් තිබුනෙන් ඔහු කොළඹ ගිය කාරණය පවා මෙම මිලිටරි පිරිස් විසින් විමසා තිබේ.

මෙයට පෙරද දෙමළ සන්ධනයේ මංත‍්‍රින්ගෙන් විවිධ අවස්ථාවලදී පොලීසිය ප‍්‍රශ්න කර ඇතත් එම කිසිවකුට එරෙහිව නීතිමය ක‍්‍රියා මාර්ගයක් ගෙන නැත. ඉන් පෙනී යන්නේ මෙම ප‍්‍රශ්ණ කිරීම් හි එකම අර්ථය දේශපාලන බිය ගැන්වීම බව නිරීක්ෂයෝ පවසති.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...