පශ්චාත් මරණ පරීක්ෂණයක් අවසන් කරන්නට පෙර සිරුර එම්බාම් කිරීමට මල් ශාලාවකට රැගෙන ගොස් තිබියදී එහි ගිය රෝහල් සේවකයකු අතක කොටසක් කපාගෙන අනුරධපුර රෝහලට ගෙන ආ බව නෑයෝ කියති.
අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ඞී.එල්. වෙද්යරත්න පවසනුයේ මරණ පරීක්ෂණයේ වාර්තාව ලිවීමට තමා යාබද කාමරයට ගොස් සිටිය දී සුළු සේවකයකු හා පොලිස් කොස්තාපල්වරයකු එක් වී සිරුර නෑයනට මුදාහළ ඇති බවයි. එය වැරැදි යැයි දොස්තර වෛද්‍යරත්න කියයි. ගල්කුලමේ එච්.පී. චන්ද්‍රපාල මහතාගේ (54) සිරුර මෙසේ මල්ශාලාවට රැගෙන ගොස් ඇත. ඔහුගෙන් නෑයකු හා මල්ශාලාකරු කියනුයේ රෝහල් සේවකයකු පැමිණ ඔහුගේ අතේ කොටසක් කපාගෙන රෝහලට රැගෙන ගිය බවයි.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...