13.1 C
London
Thursday, May 15, 2025
spot_img

මිනිස් කතක් සුනඛයෙකුට කළ විපතක්

13 වැනිදා සවස ගාල්ලේ දංගෙදර ප්‍රදේශයේ හටගත් අනුවේදනීය සිද්ධියක් වාර්තා වන්නේ මෙසේය. එදින සවස දංගෙදර පදිංචි එක්තරා කාන්තාවක් බල්ලෙකුගේ සිරුරට භූමිතෙල් හලා, පණපිටින් ගිනි තබා තිබේ. විශාල පිරිසක් එතැන සිටියදී තිරිසක් වෙස්ගත් මිනිස් දියණිය තිරිසන් සතෙකුට පණපිටින් ගිනි තබන්නට යෙදුණේ, සුනඛයා ඒ අසල වූ ගරාජයක සිට තම නිවසේ ආලින්දයට පැමිණීම කෙරෙහි දඩුවම් දීමක් වශයෙනි. පණපිටින් ගිනි ඇවිළුණු සුනඛයා වේදනාවෙන් කෑමොර දෙමින්, මහපාරට පැන ඒ මේ අත දඟලන්නට වූයේ එහි රැස්ව සිටියවුන්ගේ දෑසට කඳුළු උණවමිනි. එසැණින් ක්‍රියාත්මක වූ දංගෙදර ප්‍රදේශවාසීහු සතා අල්ලා ගින්න නිවා තල්පෙ ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ‍ගෙන ගියහ. එහෙත් සුනඛයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විණි. අදාළ කාන්තාව ගාල්ල පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1000 මුදල් ඇප සහ 50,000 ක ශරීර ඇප මත මුදාගැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් යූ. එස්. කලංසූරිය මහතා පසුගිය (14) සිකුරාදා නියෝග කළේය. දංගෙදර ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවෙකු වූ චරිත් ‍අබේරත්න යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඇය අධිකරණය හමුවට පමුණුවා තිබිණි. දැන් කාන්තාවගේ නිවස ඉදිරිපිට ‘පණපිටින් සුනඛයන් ඝාතනය කරන ස්ථානය’ යයි කිසිවෙක් විසින් දැන්වීමක් ප්‍රදර්ශණය කර තිබේ.

ජායාරූපයේ දැක්වෙන්නේ ඒ අනුවේදනීය දර්ශනයයි.

-lakbima-

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles