13.5 C
London
Friday, April 25, 2025
spot_img

මිනිස් කඳුළින් තැනූ ලුණු

මිනිස් කඳුළින් නිපදවන ලද බව සඳහන් වන ආහාර රසගැන්වීමට යොදන ලුණු වර්ග කිහිපයක් ලන්ඩනයේ වෙළඳපොළට පැමිණ තිබේ. මිනිස් හැඟීම් ඇසුරින් මෙම ලුණු, වර්ග කිහිපයකින් යුතුව නිපදවා තිබීම විශේෂත්වයකි. පවුම් 07 ක් ලෙස මිල නියම කර ඇති මෙම ලුණු වෙළඳපොළට ඉදිරිපත් කර ඇත්තේ Hoxton Street Monster Supplies විසිනි. ශෝකී අවස්ථාවක ගලන කඳුළු, කිවිසුම් අතර ගලන කඳුළු, ලූනු පෙති ගසන අතර ගලන කඳුළු, සිනාසෙන අතර ගලන කඳුළු සහ කෝපයට පත් අවස්ථාවක ගලන කඳුළු යන වර්ග 05 ක් යටතේ නිපදවා තිබේ. මෙම එක් එක් ලුණු වර්ගය ඊටම අනන්‍ය වූ රසයකින් යුක්ත වීම ද විශේෂත්වයකි

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles