මිනිස් ජානවලට පේටන්ට් ?

මිනිස් ජාන සඳහා පේටන්ට් බලපත් ලබා දිය යුතුද, නැද්ද යන්න තීන්දු කෙරෙන නඩු විභාගයක් ඇමෙරිකානු ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ ආරම්භ විය.

මෙම නඩු විභාගයේ තීන්දුව මගින් වෛද්‍ය පර්යේෂණ සහ ජෛව තාක්ෂණික නිෂ්පාදන කෙරෙහි පුළුල් බලපෑමක් ඇති ඇති අපේක්ෂිතයි.

මිනිස් ජාන සඳහා පේටන්ට් බලපත් නිකුත් කිරීම ආරම්භ වී අවුරුදු තිහකට ආසන්නය.

එහෙත් වෙළෙඳ සමාගම්වලට එවැනි අවසරයක් දෙනු ලැබීමෙන් වෛද්‍ය පර්යේෂණ මන්දගාමී වන බව, එයට එරෙහිවන්නන් පෙන්වා දෙයි.

සොබාදහමේ නිර්මාණයක් වන DNA සඳහා, Myriad Genetics ඇමෙරිකානු සමාගමට පේටන්ට් අයිතිය පැවරීම සම්බන්ධයෙන් ද එයට එරෙහිවන්නන් විරෝධය පළ කර තිබේ.

පේටන්ට් බලපත් නොමැති වීනම් සිය පර්යේෂණ සාර්ථක නොවීමට ඉඩ තිබුන බව, කාන්තාවන් වැඩි වශයෙන් ගොදුරුවිය හැක්කේ පියයුරු පිළිකා වලටද නැත්නම් ගැබ්ගෙල පිළිකා වලටද යන්න සම්බන්ධයෙන් පිරික්සීමෙහි ලා පුරෝගාමී වූ Myriad Genetics සමාගම පවසයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...