11.3 C
London
Friday, May 16, 2025
spot_img

මිනිහෙක් පිළිකාව පරදවයි

මහා බඩවැලේ පිළිකාව සුව කළ නොහැකි බව විශ‍්‍රාමක ඉංජිනේරුවකුට ලන්ඩනයේ නොර්ත් ටීස් රෝහලේ වෛද්‍යවරු කීහ. සැත්කම් කිහිපයක් කිරීමෙන් පසුවද පිළිකාව ඔඩුදුවා ඇතැයි කී වෛද්‍යවරුන් ඔහුට කීවේ ගෙදර ගොස් කැමැති දෙයක් කා බී සිටින ලෙසයි. ඇලන් ටේලර් (78) වෛද්‍යවරුන් කී කතාව පිළිගත්තේ නැත. පිළිකා මරුවා සමග සටන් කෙළේය. ඊට පිහිට වූයේ අන්තර් ජාලයයි. ඔහු අන්තර් ජාලය කාල්ගෑවේය. පිළිකාවට බෙහෙතක් සොයා ගත්තේය. රතු මස් හා කිරි නිෂ්පාදන ආහාරයට ගත් ඔහු එය වෙනස් කෙළේය. පලතුරු හා එළවළු වැඩියෙන් කෑමට ගත්තේය. බාර්ලි ගස්වලින් අඹරාගත් පිටි කුළුබඩු ඇප්රිකොට් ඇට, සෙලීනියම් පෙති ද හාර මාසයක් කෑවේය.
පිළිකා සෛල කඩා බිඳ දැමීමේ ශක්තිය ඇප්රිකොට් ඇටවලටද පිළිකා වර්ධනය නැති කිරීමේ ශක්තිය කහ වලටද ලේ වල ඛනිජ ප‍්‍රතිශතය වැඩි කිරීමට බාර්ලි ගස ඉවහල් වන බවද අන්තර්ජාලයේ ඔහු සොයා ගෙන ඇත.
එම ආහාර ගැනීමෙන් මාස හතරකට පසු ඔහු යළි වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්විය. ඔහුගේ පිළිකාව සුව වී ඇති බව වෛද්‍යවරු නිගමන කළහ.

News:- dailymail

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles