14.9 C
London
Friday, April 25, 2025
spot_img

මිනී මැරුමක්

හෝම්ස් උදෑසන ව්‍යායාම සඳහා එදිනද නිවසින් පිටවූයේ අධික සීතල සඳහා ඇඟ උණුසුම් කර ගැනීම උචිත යයි හැඟුණු බැවිණි. ඔහු නඟර පාලම මතින් දුවමින් සිටියදී දුටුවේ ගං ඉවුරේ වටවී සිටින මිනිසුන් සමූහයකි. වහා එතැනට දිවගිය ඔහුට දක්නට ලැබුණේ වතුරේ පාවෙන කාන්තා මළ සිරුරකි. තවත් කිහිප දෙනෙකුගේ උදව්ද සහිතව මිනිය ගොඩට ගත් ඔහු ගං ඉවුරේ තිබූ ඇයගේ අත් බෑගය රැගෙන සෝදිසි කරන්නට විය. ඇයගේ හැඳුනුම්පත සහ ඇයගේ ජංගම දුරකතනය ඔහුට හමුවිය. හැඳුනුම්පතට අනුව ඇයගේ නම රෙබෙකා නම් විය. ජංගම දුරකතනයේ අංක පිරිස්සූ ඔහු වහාම ඇයගේ නිවහනට දුරකතන ඇමතුමක් ලබාදුනි.

”හෙලෝ, මේ රෙබෙකාගේ ගෙදරින් ද කතා කරන්නේ?”

”ඔව්, මම එයාගේ husband කතා කරන්නේ. ඇයි මොනවද දැනගන්න ඕන?”

”සර්, මට කණගාටුයි ඔබට දැනුම් දෙන්න. ඔබේ බිරිඳ මිය ගිහින්…”

”මොනවා ! අනේ දෙයියනේ, ඒ කොහොමද එහෙම වුනේ…”

”සර්, ඔබ හැකි ඉක්මනින් මෙතනට ආවොත් හොඳයි නේද…”

මිනිත්තු 10ට පමණ පසු වාහනයක් අසල නවතා ඉන් රෙබෙකාගේ ස්වාමි පුරුෂයා බැස ආ අතර ඔහු තම බිරිඳ අසලට පැමිණ හඬන්නට විය. වහාම ඔහු වෙත ගිය හෝම්ස් ඔහුව අත් අඩංගුවට ගනු ලැබිණි…. ඇයි ඒ???









හැඳුනුම්පතේ ලිපිනයට අනුව රෙබෙකා ගේ නිවස පිහිටා තිබුණේ මිනිත්තු 10ක දුරින් වූ අතර දුරකතන සංවාදයේදී හෝම්ස් රෙබෙකා ගේ මරණය සිදුවී ඇති ස්ථානය ගැන කිසිම සඳහනක් සිදු නොකරන ලදී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles