මීගමුවේ විදුහල්පතිගේ මරණය සියදිවිනසාගැනීමක්
මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිවරයා සිය කාර්යාලයේ වැසිකිළිය තුළ ගෙල කැපී අබිරහස් ලෙස මියගොස් තිබියදී ඊයේ පෙරවරුවේ සොයාගත්තා.
59 හැවිරිදි මැක්ස්වෙල් ඩොනල්ඞ් ප‍්‍රනාන්දු නමැති මේ විදුහල්පතිවරයා උදැසන පාසැලට ගොස් 6.00 ට පැමිණිමේ ලේඛනයද අත්සන් කර තිබුණ අතර උදැසන 7.15 ට එම පාසැලේම උසස් පෙළ ඉගෙනුම ලබන සිය ඥාාති පුතෙකු ගේ පිටට තට්ටු කර හොදට ඉගෙන ගන්න පුතා යැයිද පවසා ඇත.
අභිරහස් සිද්ධිය වාර්තා වන්නේ පෙ.ව 7.15 ත් 7.30 ත් අතරේය. පාසැලේ දිනපතා රැුස්විම සදහා විදුහල්පතිතුමා වෙනදා මෙන් නොපැමිණීම ගැන නොසන්සුන් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඔහු සොයන්නට බලද්දී ඔහු නිලකාමරයේ වැසිකිලිය තුළ ලේ ගලමින් වැටි සිටිනු දැක ගන්නට ලැබී ඇති අතර අන් අයගේද සහයෙන් රෝහල වෙත ගෙන ගියත් ඔහු ඒ වනවිටත් මරණයට පත්ව අවසන්ය.
මීගමුවේ ශාන්ත මරියා විදුහලේ විදුහල්පති මැක්ස්වල් මහතාගේ මරණය අධික ලෙස රුධිරය වහනය විම නිසාවෙන් සිදුවුවක් බවට මරණ පරික්ෂණයේදි නිගමනය වූ අතර එය
බාහිර පුද්ගලයෙකු විසින් සිදුකරන ලද්දක් නොවන බවද අදාල පරික්ෂණ වලදි හෙළිව තිබුණ බව පොලිස් ආරාංචි මාර්ග සදහන් කළා. ඒ අනුව මෙය සිය දිවි නසාගැනීමක් ලෙස දැන් විශ්වාස කරනවා.
අද (1) ලෝක ළමා දිනය සැමරිම සදහා පාසැලේ උත්සවයක් සංවිධානය කරන්නටද සියලූ කටයුතු සූදානම් කර තිබුණ ඔහු මෙසේ දිවි නසාගැනීම දැන් කාටත් ප‍්‍රහේලිකාවකි.
වැසිකිලිය තුළ වැටී සිටි අවස්ථාවේ විදුහල්පතිවරයාගේ ගෙල මෙන්ම පාදයේ බලනහර කපාදැමුනු තුවාල තිබුණ බවත් ඒ හේතුවෙන් අධික රුධිර වහනය වූ බවත් වාර්තා වුණා.
මෙම කැපුම් සඳහා උපයෝගී කරගෙන තිබුණ බවට සැකකරන කඩදාසි කපන කතුරක්ද ලේ පැල්ලම් සහිතව අසළ තිබී හමුවී තිබෙනවා.
1972දී ගණිත ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට පිවිස ඇති මැක්ස්වල් මහතා වසර 10 ටකටත් වඩා වැඩි කාලයක ශාන්ත මරියා විදුහල්පති ලෙසින් සේවය කරා.තිදරු පියෙකු වු 59 හැවිරිදි මැක්ස්වල් මහතා ලබන නොවැම්බරයේ දීර්ඝ කාලීන සේවයකින් පසු ගුරු දිවියෙන් විශ‍්‍රාම ගන්නට සිටියා.
මැක්ස්වල් මහතා මානසික ආතතිය වෙනුවෙන් (ඩිප්‍රෙෂන්* ප‍්‍රතිකාර ලබමින් සිටි අයකු බව මීගමුව ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. දයාපාල මහතා හමුවේ පැවති මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. ඔහු මානසික ආතතිය පිළිබඳව වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගත් බව පවුලේ සාමාජිකයන් ඒ සඳහා වූ වෛද්‍ය වාර්තා, (වෛද්‍යවරයා නිකුත් කළ බෙහෙත් වට්ටෝරුව* ඉදිරිපත් කර ඇත.
මැක්ස්වල් මහතා ශාන්තමරියා විදුහලට ඉතාම ළැදිව සේවය කළ අතර ඔහු විශ‍්‍රාම යන්නට වීම සම්බන්ධයෙන් දැඩි ශෝකයකින් පසු වූ බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මෙම කලකිරීම නිසා ඩොනල්ඞ් ප‍්‍රනාන්දු මහතා සියදිවි හානි කර ගත්තා ද යන්න සැකය මතුවී ඇති බව පොලිසිය පවසයි.
මරුමුවට පත් වූ මැක්ස්වල් මහතාගේ බිරිඳ මීගමුව කෲස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය ලෙස කටයුතු කරන අතර ඔවුන් මීගමුව දළුපොත ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇත.
සිද්ධිය වූ ස්ථානයට සහ මීගමුව රෝහලට මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය පැමිණ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා තිබේ.
බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
- Advertisement -