මීටර් 100 x 4 ලෝක වාර්තාවක්

ඊයේ රාත්‍රියේ(11) මීටර් 100 x 4 ලෝක වාර්තාවක් පිහිටුවමින් (තත්පර 36.84කින්) ජැමෙයිකානු පිරිමි කණ්ඩායම ජයගත් පසුව, එම තරඟයේ ජයග්‍රහණයේ නියමුවා වන උසේන් බොල්ට්, එම තරඟය සඳහා භාවිතා කළ නිළ යෂ්ටිය (හුවමාරු කරන යෂ්ටිය) තරඟ සංවිධායක ඔලිම්පියාඩ් විනිසුරු කමිටුවෙන් ඉල්ලා සිටියා. තමාට සිහිවටනයක් ලෙස එම යෂ්ඨිය ඇවැසි බැව් ඔහු කියා සිටියා. එහෙත් ඔලිම්පික් කමිටුව ඔහුට එය ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කොට එය ඔහුගෙන් උදුරා ගනු ලැබුවා.

එවිට එම මොහොතේ ක්‍රීඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි 80,000කට අධික මහ ජනතාව “බූ” අණුකරණයෙන්, පිටියේ සිට උසේන්ගෙන් යෂ්ටිය උදුරාගත් විනිසුරුවරයාට සිය අප්‍රසාදය ඵල කර සිටියා. වහා ක්‍රියාත්මක වූ මෙම තරඟය නරඹමින් සිටි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති වරයාට දුරකථනයෙන් අමතා, සම්ප්‍රදායට පිටින් හෝ උසේන්ට එම යෂ්ටිය පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීමට කන් දුන් සභාපති වරයා, විනාඩි 3ක් ඇතුළත, “කෙටිම වේලාවකින් සම්මත කරගත් ඔලිම්පික් ව්‍යවස්ථා ව්‍යතිරේකය” සම්මත කරගෙන, එම යෂ්ටිය ඊට විනාඩි 8කට පසුව උසේන් බොල්ට් වෙත ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

මේ නව නීතිය අනුව ලෝක වාර්තාවක් පිහිටවූ පසු කිසියම් ක්‍රීඩකයෙකු එම ඔලිම්පික් උළෙලේ එම ඉසව්ව සඳහා භාවිතා කළ චංචල දේපළක් සිහිවටනයක් ලෙස ඉල්ලා සිටියහොත්, එය දීමට විනිසුරුවන්ට අවසර ලැබෙනවා.

http://www.youtube.com/watch?v=uwLDpcye-VM

Check Also

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...