“ධාතු ප්‍රදර්ශනය තිබෙන තෙක් පමණක් බිලි පුජාව නවත්වන්න” – ජනපති
“මෙම බිලි පුජාව තාවකාලිකව නතර කරනවා” – පුජක
හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පසුගිය කාලය පුරාවට උණුසුම් මාතෘකාවක්ව පැවතුනා. බෞද්ධ ආගමික බහුතරය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල අතර මේ වනවිට එය නැවත කරලියට පැමිණ තිබේ. මෙහිදී කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා විසින් කියා සිටියේ සතුන් විශාල සංඛ්‍යාවක් නොමරන බවත් සංකේතාත්මක ලෙසින් සතුන් දෙතුන් දෙනෙක් පමනක් බිලි පුජාවට ලක් කරන බවයි.
ජනපති ඉල්ලා තිබුනේ ධාතු ප්‍රධර්ශනය තිබෙන්තෙක් පමණක් බිලි පුජාව නවත්වන ලෙසයි. ඒ අනුව ප්‍රධාන පුජකවරයා විසින් බිලි පුජාව නැවත පැවැත්වීම ලබන 16 වනදායින් පසුව කිරීමට තීරණය කොට ඇත.
මේවන විට සත්ව බිලි පුජාව පවත්වන දිනයේ එයට විරෝධය පා සිය දිවි නසා ගැනීමට පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සුදානම් වී සිටිනවා. උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ “මගේ එකම අධිෂ්ඨානය මරන්න නියමවුණු මේ අහිංසක සත්තු වෙනුවෙන් ගිනිතියාගෙන මැරෙන්න. මම ඒක අධිෂ්ඨානයෙන් යුතුව බොහොම අවධාරණයෙන් කියන්නේ. සතුන්ගේ ජිවිත ටික බේරාගැනීමේ පරමාර්ථයෙන් මම මගේ මුළු ශරීරයටම පෙට්‍රල් හලාගෙන මුළු මහත් ජාතියට දැනෙන්න මම මගේ ජීවිතය පුජා කරනවා” ලෙසටයි.