මුම්බායි ප්‍රහාරයේ සැකකරු එල්ලා මරයි (සජිවි)

2008 වසරේ දී ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ මොහොමඩ් අජ්මාල් කසාබ් එල්ලා මරා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සැකකරු අද (21) පෙරවරුවේ ඉන්දියානු බන්ධනාගාරයක් තුළදී එල්ලා මැරීමේ දඬුවමට ලක් කල බව එරට මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ආර්.ආර්.පටිල් විසින් තහවුරු කර තිබේ.

2008 වසරේ නොවැම්බර් මස 26 වන දින මුම්බායි නගරය කේන්ද්‍ර කරගත් සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයත් යුදෙව් සංස්කෘතික මධ්‍යස්ථානයත් හා මුම්බායි දුම්රිය ස්ථානයත් මෙලෙස ප්‍රහාරයට ලක්විය.

එහිදී පුද්ගලයින් 52 ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරයෙන් පසු ප්‍රහාරයට සම්බන්ධ වූ බව කියන සෙසු පුද්ගලයින් 9 දෙනෙකු ප්‍රහාරය තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බව අනාවරණය වූ අතර නිරුපද්‍රිතව සිටි එකම පුද්ගලයා වූයේ මොහොමඩ් අජ්මාල් කසාබ්ය.

ඒ අනුව මෙම සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පැවරුණු අතර පහල අධිකරණය විසින් මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් වැරදිකරු කර ලබාදුන් තීන්දුව 2010 වසරේ මැයි මාසයේ දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරන ලදී.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2010 අගොස්තු මාසයේ දී ඔහු එල්ලා මැරීමට තීරණය කරන ලද අතර එයින් ඉක්බිතිව සැකකරු විසින් තමාට සමාව දී නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියානු ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.

ජනාධිපතිවරයා එකී ඉල්ලීම ඉවත දමන ලද හෙයින් අධිකරණයේ තීන්දු ප්‍රකාරව මෙලෙස මොහු එල්ලා මරා දමන ලද බව බී.බී.සී. පුවත් සේවය උපුටා දක්වයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...