මුස්ලිම්වරුන්ට කරදර එපා – දලෙයිළාමා බෞද්ධයන්ගෙන් ඉල්ලයි May 8, 2013 Comments Off on මුස්ලිම්වරුන්ට කරදර එපා – දලෙයිළාමා බෞද්ධයන්ගෙන් ඉල්ලයි 5 Views මුස්ලිම් ජාතිකයින්ට හිංසා කිරීම නවත්වන්නැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් තමන් ඉල්ලා සිටින බව ටිබෙට් බුදුදහමේ අධ්‍යාත්මික නායක දලෙයිලාමා තුමන් පවසයි. මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ මෑත කාලීනව මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකෙරුණු වග එතුමා සඳහන් කරයි. එසේම මෙම රටවල් දෙකෙහි මුස්ලිම් ජාතීන්ට එරෙහි සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්වලට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධයින් වග කිව යුතු බව එතුමන් පෙන්වාදෙන බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. මෙරිලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ 15,000 ක පමණ පිරිසක් ආමන්ත්‍රණය කරමින් දලෙයිලාමා තුමන් කරනු ලැබූ දේශනයක් අවසානයේ අසන ලද පැනයකට පිළිතුරු දෙමින් එතුමා මේ බව සඳහන් කළ වග AP පුවත් වාර්තා තහවුරු කරයි. තමන්ගේම ආගමික නාමයෙන් සිදුකරනු ලබන සියලුම ඝාතනයන් තමන් හෙළා දකින බව ටිබෙට් බුදුදහමේ අධ්‍යාත්මික නායකවරයා එහිදී කියා සිටියේය. මියන්මාරය තුළ ආගමික ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින බවත් ශ්‍රී ලංකාවේ මෑත කාලීනව බෞද්ධ කණ්ඩායම් විසින් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දීම් සිදුකෙරුණු බවත් දලෙයිලාමා තුමන් එහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියේය. Share featured Latest mission slider spotlight 2013-05-08 ceylonradio Share Facebook Twitter Google + Pinterest