මුස්ලිම් විරෝධී චිත්‍ත්‍රරපටයට එරෙහිව සරසවි සිසුන් නිරුවත් වේ (වීඩියෝ)

0
118

පසුගියදා ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර ඉස්ලාම් විරෝධි චිත්‍ත්‍රරපටයට විරුද්ධත්වය පල කරමින් පිලිපීන ශිෂ්‍යයන් විසින් නිරුවතින් මැනිලා විශ්ව විද්‍යාලය තුල විරෝධතාවයක් දියත් කර තිබේ.

මෙම ‘නිරුවත් විරෝධතාවය’ට සිසුන් 25ට අධික පිරිසක් එක්වූ අතර පසුගිය සඳුදා දින එය පවත්වා ඇත. ඔවුන් විශ්ව විද්‍යාලය වටා නිරුවතින් ඇවිදිමින් තම විරෝධය ප‍්‍රකාශ කර ඇති බවත් සඳහන් වේ.

තම හිස පමණක් ආවරණය කර ගනිමින් නිරුවතින් විශ්ව විද්‍යාලය පුරා ඒ මේ අත දුවගිය අතර සෑම ආගමකටම ගරුකල යුතු බවත් ඉස්ලාම් විරෝධි චිත‍්‍රපටය හෙලා දැකිය යුතු බවත් ඔවුන් මෙහිදී පවසා ඇත.