මේ උතුම් වෙසඟේ ඔබටත් සිතන්නට යමක්.

අප මහා බෝසතානණ් වහන්සේ විසින් සියලු ලෝසතුන් ගේ හිතසුව පිනිස වදාල දහම් කරුනු කීපයක් අද මේ උතුම් වෙසන්ඟේ ඔබ සියලු දෙනගේ දහම් ඤානය වර්ධනය කිරීම උදෙසා ඉදිරිපත් කරයි.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේ තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛො පුඤ්ඤස්ස උච්චයෝ

යම් කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව,සිත,කය,වචනය යන තුන් දොරින් පින් කොළොත්,ආයෙ ආයෙමත් කරන්නට ඕනේ වෙන්නේ ඵ් පිනමයි.පිං කර ගැනීම ගැනමයි හිතේ කැමැත්ත ඇතිකර ගන්න ඕන… සැප කියලා කියන්නේ පිනට මයි.
පින්වත් ආනන්ද,

මේ යමා සල්‍රුක් අකාලයේ පිපුණු මලින් මුළුමනින් ම ගැවසී තිබෙනවා. ඒ මල් තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගත ශරීරය මත වැගිරෙනවා, හාත්පසින් වැගිරෙනවා. දිව්‍යමය වූ මන්දාරව පුෂ්ප තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගත ශරීරය මත අහසින් ඇදහැලෙනවා. දිව්‍යමය සුවඳ සඳුන් තථාගතයන් වහන්සේට පූජා පිණිස තථාගත ශරීරය මත අහසින් ඇදහැලෙනවා.දිව්‍යමය තූර්‍යවාදන, දිව්‍යමය සංගීතය තථාගතයන් වහන්සේට පූජා පිණිස අහසේ වැයෙනවා.

නමුත් පින්වත් ආනන්ද මෙපමණකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වන්නේ නැහැ. ගරුකාර කළා වන්නේ නැහැ. බුහුමන් දැක්වූවා වන්නේ නැහැ. පූජා පැවැත්වූවා වන්නේ නැහැ. පින්වත් ආනන්දය යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ ධම්මානුධම්ම පටිපන්නව තථාගත ශ්‍රාවකයන්ට සුදුසු ප්‍රතිපදාවෙන් යුතු ව ධර්මයට අනුව හැසිරෙමින් ජීවිතය ගත කරනවා නම්, ඔහු පරම පූජාවෙන් තථාගතයන් වහන්සේට සත්කාර කරනවා. ගරුකර කරනවා. බුහුමන් දක්වනවා. පූජා පවත්වනවා. ඒ නිසා පින්වත් ආනන්ද, ‘අපි ද ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුතු වන්නෙමු, ශ්‍රාවකයන්ට සුදුසු ප්‍රතිපදාවෙන් යුතු ව ධර්මයට අනුව හැසිරිමෙන් ජීවිත ගත කරන්නෙමු ‘යි කියා, ආනන්ද එසේ ම ඔබලා විසින් හික්මිය යුතු යි.“

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරෙන මේ උතුම් වෙසඟේ, මෙම උතුම් බුද්ධාවවාදය සිහිපත් කරගෙන සිල් ගුණ දම් පුරන්නට ceylonradio ඵාඨක ශ්‍රාවක ඔබ​ සැමට වීරිය නුවණ සිහිය උපදීවා!!!

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...