මේ දිනවල රොෂාන්ගේ නවතම music videoව නිසා ජනප්‍රියත්වයත්වයට පත්ව සිටින සුන්දර ළමා අවධියෙන් පිබිදෙන්නටත් මත්තෙන් රංගනයට පා තැබූ ඇය සිය රංගන කෞෂල්‍යයෙන් පුංචි තිරය හැඩකරන්නට වූයේ සිඟිත්තියක ලෙසින්. එකී සිඟිත්තිය දැන් දැන් තාරුණ්‍යයේ හිණිමං පෙත්තට අඩිතාලම තබා ඇත්තේ තරුණ්‍යයේ අපූර්වත්වය ද කැටි කරගෙනමය. මේ දිනවල පුංචි තිරයේ සොඳුරු ආදරවන්තියකගේ චරිතයට පණ පොවන ඇය තවදු ළමාවිය නොඉක්මවූ සොඳුරු යුවතියක්මය.
භාග්‍යා ගුරුසිංහ
සැප්තැම්බර් මස 16
ධනු
මාළඹේ
5 ‘3’
ගොඩක් හොඳින් ඉන්නවා. ටිකක් විතර කාර්යයබහුලයි.
මේ දවස්වල තරු පිරි අහස ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඊට අමතරව මුතු වරුසා නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඒ වගේමයි චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියනවා. ඒකෙ රූගත කිරීම් තව සති දෙක තුනකින් පටන්ගනී.
තාත්තගේ යාළුවෙක් මාර්ගයෙන් දෙරණ නාලිකාවේ විකාශය වුණ පුංචි අපේ ඉස්කෝලේ කියන වැඩසටහනට ඉදිරිපත් වුණා. එතනින් වෙළඳ දැන්වීම්වලටත් ඊට පස්සේ ටෙලි නාට්‍යවලටත් යොමුවුණා.
වෘත්තීමය මට්ටමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. බැංකු ක්ෂේත්‍රය පිළිබඳ හදාරණ නිසා ඒ ගැනත් බලාපොරොත්තුවක් තියනවා. ඉදිරියට තියන වැඩ සලකලා බලලා ඒ ගැන තීරණය කරනවා.
අපේ පවුලේ 5 දෙනයි. මායි, අම්මයි, තාත්තයි, අයියයි, නංගියි.
වචනවලින් කියන්න බැරි තරම්. මං රඟපානවා හොඳයි වගේනම් අයිය කියනවා හොඳයි කියලා. තව ටිකක් හොඳට කරන්න තිබ්බා කියනවා. නංගිනම් වැරදිවලට බණිනවා, ඒකවත් හරියට කරගන්න බෑ කියලා. තාත්තා කරන්න ඕන විදිහ රඟපාලම පෙන්නනවා. අම්ම තමයි ඉතින් මගේ හැමදේම. මාත් එක්කම ඉඳගෙන හැමදේම කියලා දෙනවා.
මම ඉගෙන ගත්තේ රෝයල් ජාත්‍යන්තර පාසලේ
ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ දිනවල රූගත කිරීම් සිදුවන තරුපිරි අහස නාට්‍යයේ රඟපාන ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ සහ හයසින්ත් විජේරත්න මහත්ම මහත්මීන් ඇත්තටම මට ලොකු ශක්තියක්. ඒ අය මට හැමදෙයක් ගැනම උපදෙස් දෙනවා.
ටිකක් විතර සින්දු කියන්න පුළුවන්
එහෙම අදහසක් නම් නෑ.
ඇත්තටම ඔව්. මම ක්ෂේත්‍රයට එද්දි කිසිම දෙයක් දන්නෙ නෑ. දැන් ගොඩක් දේවල් දන්නවා. ගොඩක් දුර ඇවිත් තියෙනවා කියලා හිතෙනවා. ඒ ගැන හිතද්දි ගොඩක් සතුටුයි.
තරු පිරි අහස ටෙලි නාට්‍යයේ විහඟිගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
කටකතා හැදෙන්න ඕන නෑ ජනප්‍රිය වෙන්න. කැපවීමෙන් හොඳට රඟපෑම කළොත් කටකතා නැතුවම ජනප්‍රිය වෙනවා.
අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ. ඒත් කිසි වැරැද්දක් නැතුව අපි කරන දේ හරියට කරොත් කවදම හරි දවසක අපිට හැදුන කටකතා බොරු වෙනවා. එදායින් පස්සේ ඒ මිනිස්සු කටකතා කියන එකත් නවතියි.
ඒ පිළිබඳව හොඳ හැදෑරීමක් කරන්න ඕන. ඒ වගේමයි උනන්දුව, කැපවීම සහ උත්සහය තියනවනම් මේ ක්ෂේත්‍රයේ දිගටම ඉන්න පුළුවන්. ඒ වගේමයි රංගන හැකියාව තියෙන්නත් ඕන.
සාධාරණ හේතුවක් තිබුණොත් ඒ ගැන සලකලා බලනවා. නැත්තන් අයින් වෙන්නේ නෑ. රඟපෑමෙන් ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා. ලැබන ප්‍රතිචාරත් එක්ක බලද්දී අයින් වෙන්න හිතෙන්නෙම නෑ.
අම්මනම් කියනවා බැන්දට පස්සේ රඟපාන එක නවත්තන්න කියලා. ඒත් ඉතින්… ඒ වැදගත් කෙනාට කියලා බලනවා පොඩ්ඩක්…
තරු පිරි අහස ටෙලි නාට්‍යයේ ඇවිදින්න බැරි ළමයෙකුගේ චරිතයක් තමයි මම කරන්නේ. එතන දී පඩිපෙළක් උඩ ඉඳන් බිමට වැටෙන්න තියනවා. ඒක මට ඇත්තටම කරන්න වුණා. ඒක හතර පස් වතාවක් කළා. ඊට පස්සේ දවස් ගාණක් යනකම් මුළු ඇඟම නිල් වෙලා තිබුණේ.
මම මුළින්ම රඟපාපු චිත්‍රපටයේ දී මට තිබුණේ නිකන් චරිතයක්. ඒකෙ බෝඩිමක ඇඳවල් ගොඩක් තිබුණා. මම හිටියේ අන්තිම හරියෙ තිබුණ ඇඳක. ඒකෙදි කැමරාවට මාව පේන්නෙ නැතිවෙයි කියලා මම ටිකක් ඉස්සිලා බලාගෙන හිටියා. මම පස්සේ තමයි දැනගත්තේ කැමරාවට ලොකු පරාසයක් ආවරණය වෙනවා කියලා. අදටත් මට ඒක මතක් වෙද්දි හිනා යනවා.
හැමතිස්සෙම හිනාවෙලා ඉන්න කෙනෙක්. කේන්ති යන්නෙම නැති තරම්. ගොඩක් අහිංසකයි වගේම මිත්‍රශීලීව හැමෝම එක්ක වැඩ කරනවා.
සීමා තියෙනවා. ඇඳුම් ගැන එහෙම ගොඩක් හිතනවා. ඒ වගේමයි පිරිමි ළමයින් එක්ක රගපාද්දි සීමා තියෙනවා. ගෙදරින් වගේම මමත් වෙනමම සීමා දාගෙන තියනවා. එහෙම නැති වුනොත් අපිට වටිනාකමක් නැති වෙනවා.
හොඳ චරිත හම්බ වුණොත් දිගටම රංගනයේ යෙදෙනවා. මොකක් හෝ අවාසනාවකට එහෙම හම්බවුණේ නැත්තන් බැංකු ක්ෂේත්‍රයට යොමු වෙනවා.
ජනප්‍රියයි
නැහැ
ඔව්
රංගනයේ යෙදෙන චරිතයේ ගුණාත්මකභාවය
දක්ෂයි
රංගනය
දක්ෂතාවය
http://www.youtube.com/watch?v=QzGjkBwJtq4