මේ ඡායා රූපය දුටු විගසම ඔබට එකවරම අලි පැටියෙකුගේ රුවක් සිතෙහි මැවෙනු නිසැකය. මන්දයත් මේ සතාගේ රූපය සැබවින්ම අලි පැටියෙකුගේ රූපයට සමාන නිසාය. එහෙත් සත්‍ය වශයෙන්ම මේ සිටින්නේ අලි පැටියෙකු නොව බලු පැටියෙකි. ත්‍රීකුණාමලය මුරුගාපුරි ප්‍රදේශයේ නිවසක උපත ලබා තිබු මෙම බලු පැටියාගේ රුව බැලු බැල්මට අලි පැටියෙකුගේ රූපයට සමාන බව එය දකින කාටත් වුව ද ක්ෂණිකව අවබෝධවේ. කෙසේ වෙතත් දෙමළ ජනතාවගේ විශ්වාසයට අනුව ගණදෙවි රූපයට සමාන මෙම බලුපැටියාගේ මුහුණ දැක බලා ගැනීමට ඊයේ (14) බොහෝ දෙනා එම නිවසට පැමිණ ඇති අතර අසාමාන්‍ය අයුරින් ඉපදී තිබු මෙම බලු පැටියා ඊයේ සවස මියගොස් තිබේ.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...