19.2 C
London
Monday, May 19, 2025
spot_img

මෛත්‍රිපාල සිරිසේනගේ සොහොයුරා රිමාන්ඩ්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු නැමැති අය ලබන 30 වැනිදා වෙනතුරු අද 16 දින බන්ධනාගාර ගත කළා.

ඒ පසුගිය 05 වැනිදා ප්‍රියන්ත සිරිසේන සහ තවත් අයකු මනම්පිටියේ දී වනජීවි නිලධාරින් කිහිප දෙනෙකුට පහර දුන් බවට වනජීවි නිලධාරින් විසින් පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුන බැවිනි.

එම පැමිණිල්ල අනුව පොලිසිය විසින්
එක් සැකකරුවකු අත්අඩංගුවට ගත්. නමුත් ප්‍රියන්ත සිරිසේන නැමැති අය පොලිසියට කට්ටි පනිමින් සිට තිබුනා.

අද 16 දින පස්වරුවේ මෙම සැකකරුවා පොලිසයට බාර වී තිබුනු අතර ඔහුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දෙනවාට පොලිසිය විරුද්ධ වී නැති වුවත් මහේස්ත්‍රාත්වරයා මෙමස 30 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළා.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වනජීවී කාර්යාලයට පසුගිය 05 වැනිදා කඩාවැදී එහි සේප්පුවක තිබූ ලිපි ලේඛන රැසක්‌ ගිනිතබා විනාශ කිරීම, වනජීවී නිලධාරීන්ට මරණීය තර්ජන කිරීම, වනජීවී නිලධාරීන්ට අයත් යතුරුපැදි දෙකකට අලාභහානි කිරීම හා එම ජල ගැලුම් නිම්නයට ඇතුළුවීම ඔහුට එල්ල වූ චෝදනා වේ.

ගිනි තැබීම් ඇතුළු අනෙකුත් සිද්ධීන් සම්බන්ධව පොළොන්නරුව පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලින් අනතුරුව සැකකරු 16 වැනිදා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි. පොළොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles