16.3 C
London
Wednesday, April 30, 2025
spot_img

මොන්සැන්ටෝ ජාන විකෘතිකල සෝයා බෝංචි මාරයා වෙළඳපලේ

ශ්‍රි ලංකාවේ දැනට පවතින රෙගුලාසි අනුව ජාන තාක්‍ෂණය මඟින් ජාන විකෘති කොට නිපදවන ධාන්‍ය වර්ග බීජ ලෙස හෝ අහාර ලෙස රට තුලට ආනයනය කිරීම නීති විරෝධීය.

නමුත් පසුගිය දිනවල මහා භාණ්ඩාගාරයේ ඉහල නිලධාරීන් හා සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා එක්ව ගන්නා ලද රහසිගත තීන්දුවක් අනුව එසේ ජාන විකෘති කල සෝයා බෝංචි සත්ව ආහාර ලෙස ආනයනය කිරීමට අවසර දීමට සැරසෙන බව වාර්තා වේ.

ලෝකයේ ජාන විකෘති කල සෝයා බෝංචි ව්‍යාපාරයේ ඉහලින්ම සිටින්නේ ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමයි. එම සමාගම සමඟ ගණුදෙනු කරන මෙරට ප‍්‍රකට සමාගමක් මෙම තීන්දුව පිටුපස සිටිනා බවද දැනගන්නට ඇත.

මෙසේ සත්ව ආහාර ලෙස නම්කර බදු සහන යටතේ ආනයනය කරන සෝයා බෝංචි මනුෂ්‍ය ආහාර වෙළඳවලට පමණක් නොව සෝයා තෙල් සිඳීම සඳහාද භාවිතා කරනු ඇත. ඒ අනුව මේ වන විට මේ වන විට පනවා ඇති ජාන විකෘති කල ආහාර තහනම් කිරීමේ නීතිමය ප‍්‍රතිපාදන පුස්සක් වනු ඇත. විශේෂයෙන්ම ළමා ආහාර නිපසවීම සඳහා මෙම ආනයනික සෝයා බෝංචි භාවිතා කිරීමට ඉඩ ඇත. මේ වන විට නසීලන්තය ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් පවා මෙවැනි ආහාර තහනම් කර තිබේ.

මෙහි ඇති ඉතා භයානකම කාරණය වන්නේ එසේ ජාන විකෘති කල සෝයා බෝංචිවල ග්ලයිෆොසේට් සහ ආසනික් වැනි උග‍්‍ර පිළිකාකාරක සහ වකුගඩු රෝගකාරක විෂ වර්ග අඩංගු විය හැකි බවට පරීක්‍ෂණ මඟින් ඔප්පු වී තිබීමය. එසේ වීමට හේතුව එම ජාන විකෘති කල සෝයා බෝංචි වගා කිරීමේදී ආසනික් අඩංගු ග්ලයිෆොසේට් නැමැති වල් නාශකය බහුලව භාවිතා කිරීමයි.

ග්ලයිෆොසේට් නැමැති වල් නාශකය යොදා ගන්නේ යම් භූමියක වැවෙන සියළුම පැල වර්ග විනාශ කිරීම සඳහාය. එම රසායන ද්‍රව්‍යයට ඔරොත්තු දෙන ලෙස ජාන විකෘති කල විට සෝයා බෝංචි පැලය පමණක් ඉතිරි වී අනෙක් සියළුම වල් පැල විනාශ වේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles