එංගලන්තයේ ඇති ඉක්වදොර් තානාපති කාර්යාලයට එංගලන්තයෙන් ඇති වූ දැඩි බලපෑම් හේතුවෙන් ඉක්වදොර්ය දැඩි අවධානයෙන් සිටින බව විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත. මේ පිලිබඳව අදහස් දක්වන ඉක්වදෝර විදේශ ඇමති පවසා සිටින්නේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් එංගලන්තය මඟින් ඇති කරන මෙම කලබලය තවත් ඔවුන් හට ඉවසා සිටිය නොහැකි බවයි. විදෙස් මාධ්‍ය විසින් ඔහුගෙන් ජුලියන් අසාන්ජ් හට දේශපාලන රැකවරන ලබා දිම සමිබන්ධයෙන් කල විමසීමකදී පවසා ඇත්තේ ALBA හා UNASURA රටවල් කාන්ඩ තම රටට පසුගිය කාලයේ මුහුණදීමට සිදුවූ ගැටළු වලදී අසාන්ජ් විශාල සහයෝගයක් ලබා දුන් බවයි. එමෙන්ම ALBA සාමාජික රටවලින් අතරින්ද ලතින් අමෙරිකන් හා කැරිබියන් රාජ්‍යයන් වලින් තමන්ට ඉක්මන් හා ශක්තිමත් සහයක් ලැබුන බවයි. එමෙන්ම එළඹෙන සිකුරාදා පැවැත්විමට නියමිත අමෙරිකානු රාජ්‍ය සාමාජික සංවිධාන හමුවේදී ද තමන්ට පෙර පරිදිම සහයෝගීතාවයක් ලැබෙන බවට අපේක්ෂා කර ඇත. පුලියන් අසාන්ජ්ට මෙන්ම මයිකල් මොරි, ඔලිවර් ස්ටෝන්, නොබෙල් පීස් වැනි පුද්ගලයන් හට දේශපාලන රැකවරනය ලබාදීමට තම රට තීරණය කිරිම ඉතා වටිනා පියවරක් ලෙස ඔහු තව දුරටත් කියා සිටී. එංගලන්තයෙන් තම තානාපති කාර්යාලයට දැඩි තර්ජන එල්ල වුවද තවමත් ඔවුන් ඉක්වදොර් තානාපති කාර්යාලය ප‍්‍රතික්ෂේප කර නොමැති බවද මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.
http://youtu.be/VrZFBacyp8M