11.3 C
London
Saturday, May 17, 2025
spot_img

මෞඛ ලෝලනය (18+)

සඳ මත පා තබා ඇවිදීමේ වාසනාව ලද ප්‍රථම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝං  අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ සද ගමන ගැන කියවෙන විහිළු කථාවක් තමයි මේ. නමුත් බොහෝ දෙනෙක් සිතන්නේ මෙය සත්‍ය කතාවක් බවයි. සමහර විට සත්‍ය කථාවක් ද විය හැකියි. කෙසේ නමුත් මෙය ඇමෙරිකානුවන් රුසියානුවන් අතර ගොඩාක් ප්‍රකට විහිළු කථාවක්ලු.

එහෙනම් මේකයි කථාව…
ඇපොලෝ යානයෙන් සඳ මතට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝං සඳ මත ඇවිද්ද ප්‍රථම මිනිසා ලෙස ඉතිහාසයට එක්වුණා. ඉන් අනතුරුව ‘මෙය මනුෂ්‍යයකු විසින් තබන ලද කුඩා පියවරකි. නමුත් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් පනින ලද විශාල ඉදිරි පිම්මකි’ යන ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය සඳ මත සිට පොළොවේ සිටින වැසියන් වෙත කළා.

ආම්ස්ට්‍රෝං, අනෙක් ගගන ගාමීන් සහ පාලක මැදිරිය අතර පැවැති වෙනත් සන්නිවේදනයන් අවසානයේදී නැවතත් යානයට නගින්නට පෙර ඔහු මෙසේ කියා තියෙනවා: ‘ගුඩ් ලක් මිස්ටර් ගෝර්ස්කි!’

ඒ ප්‍රකාශය ප්‍රතිවාදී සෝවියට් ගගනගාමියෙකු ඉලක්ක කරගෙන කරන ලද්දක් බවයි නාසා ආයතනයේ සිටි බොහෝ දෙනෙක් සිතලා තියෙන්නේ. සඳ මතට පළමුව ගොඩ බැසීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර මාරාන්තික තරගයක් පැවතුණ බව ඔබ අහලා ඇති. අන්තිමේදී තරගයෙන් ජයග්‍රහණය කළේ ඇමරිකාවයි.

නමුත් පසුව සොයා බැලීමේදී හෙළිවුණේ සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙළේ හෝ ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළේ හෝ ගෝර්ස්කි නමින් කිසිදු පුද්ගලයෙකු නොසිටි බවයි.

පසුගිය කාලය මුළුල්ලේම විවිධ පුද්ගලයන් ආම්ස්ට්‍රෝංගෙන් ඔහුගේ ‘ගුඩ් ලක් මිස්ටර් ගෝර්ස්කි’ ප්‍රකාශය ගැන අහල තිබුණත් ආම්ස්ට්‍රෝං සිනාසුණා මිස කිසිදු පිළිතුරක් දුන්නේ නැහැ.

නමුත් 1995 ජූලි 5 වනදා ෆ්ලොරිඩා ජනපදයේ ටම්පා බේ හි දී ආම්ස්ට්‍රෝං විසින් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව වාර්තාකරුවෙක් මේ අවුරුදු 26ක් පැරණි ප්‍රශ්නය නැවතත් ආම්ස්ට්‍රෝංගෙන් ඇහුවලු. අන්තිමේදී ඔහු ප්‍රශ්නයට පිළිතුරු දුන්නලු. මිස්ටර් ගෝර්ස්කි මේ වනවිට මියගොස් ඇති නිසා තමාට දැන් ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි බව ආම්ස්ට්‍රෝං කල්පනා කළාලු.

දැන් කතාව මේකයි.

ආම්ස්ට්‍රෝංගේ ළමා කාලයේදී එයා තමන්ගෙ මිතුරකු සමග ගෙවත්තේ බේස්බෝල් ක්‍රීඩා කරල තියෙනව. මිතුරා එල්ල කළ පහරකින් පන්දුව ඉගිලී ගොස් අසල්වැසි නිවසේ නිදන කාමරයේ ජනේලය අසල නතර වුණාලු. අල්ලපු ගෙදර ජීවත්වෙලා තියෙන්නෙ ගෝර්ස්කි යුවළයි.

ආම්ස්ට්‍රෝං කොලුවා ජනේලය ළඟ පහත් වෙලා බෝලය අහුලා ගන්න හදන කොටම මිසිස් ගෝර්ස්කි මිස්ටර් ගෝර්කිගෙ ඇඟට කඩා පැනල මෙන්න මෙහෙම කෑගහනව ආම්ස්ට්‍රෝංට ඇහුනලු…

“ඕරල් සෙක්ස්?! යූ වෝන්ට් ඕරල් සෙක්ස්?! යූ විල්ගෙට් ඕරල් සෙක්ස් වෙන් ද කිඩ් නෙක්ස්ට් ඩෝර් වෝක්ස් ඔන් ද මූන්!”
(මෞඛ ලෝලනය? තමුසෙට ඕන මෞඛ ලෝලනයද? තමුසෙට මගෙන් මෞඛ ලෝලනය හම්බ වෙයි අර අල්ලපු ගෙදර කොල්ල හඳේ ඇවිද්ද දවසට.” )


ප .ලි

මියගිය ශ්‍රෙෂ්ඨ මිනිසුන් ගේ අවමගුල් උත්ස්වයන්හිදී පවා ඔවුන් පිළිබඳව විහිළු කතා කීමේ සම්ප්‍රදායක් ඇමරිකාවේ පවතින නිසා නීල් ආම්ස්ට්‍රෝං පිළිබඳව විහිළුවක් කිරීම ඔහුට අපහාසයක් යයි නොසිතමු.

උපුටාගැනීම : http://chami4u.blogspot.com

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles