යෂ්ගේ අවසන් නිර්මාණය ‘Jab Tak Hai Jaan’

0
208

පසුගියදා අභාවප්‍රාප්ත ප්‍රවීන බොලිවුඩ් සිනමා අධ්‍යක්‍ෂක යෂ් චොප්රා විසින් නිර්මාණය කළ අවසන් චිත්‍රපටය ‘ජබ් තක් හේ ජාන්’(Jab Tak Hai Jaan) හින්දි චිත්‍රපටය අද (13) සිට ලොව පුරා තිරගත වීම ඇරඹේ.

සුපිරි නළු ෂාරුක් ඛාන්, කත්‍රිනා කායිෆ්, අනුෂ්කා ෂර්මාගේ ප්‍රේමාන්විත රංඟනයෙන් යුත් ‍මෙය තුන්කොන් ප්‍රේමවෘත්තාන්තයකි. ෂාරුක් හා කත්‍රිනා පෙම් යුවළක් ලෙස රඟන ප්‍රථම අවස්ථාවද වේ. ‘සමර් ආනන්ද්’ නම් ප්‍රධාන චරිතය ෂාරූක් නිරූපණය කරයි.

ඇමෙරිකානු ඩොලර් 9.45ක වියදමෙන් නිර්මාණය කළ මෙහි යෂ් චොප්රාගේ වැඩිමහල් පුත් ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදන කටයුතු සිදු කර ඇත. ඒ ආර් රහමන් හා ගුල්සාර් මෙම චිත්‍රපටයට සංගීත දායකත්වය සපයයි.

‘ජබ් තක් හේ ජාන්’ ලබන 16 වනදා සිට ශ්‍රී ලංකාවේ තිරගත වීම අරඹයි.