13.1 C
London
Thursday, May 15, 2025
spot_img

යුරෝපයේ විරැකියාව වැඩිවේ. සරල ජීවන ක්‍රමයකට යන්න වෙයි.

පසුගිය සැප්තැම්බර් වන විට යුරෝ කලාපයේ විරැකියා අනුපාතය 11.6% දක්වා ඉහල ගොස් ඇති බව නිල දත්ත වාර්තා පෙන්වා දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝ කලාපයේ පසුගිය අගෝස්තු වන විට මිලියන 18.34 ක් විරැුකියාවෙන් පෙළුණු අතර එය සැප්තැම්බර් වන විට 18.94 බවට පත්ව ඇති බවත් සඳහන්ය.

ස්පාඥ්ඥයේ වයස 25 ට වැඩි තරුණ පිරිස් වල විරැකියා අනුපාතය 53.8% සිට 54.2% දක්වා වැඩි වී ඇති බවද ගි‍්‍රසියේ විරැකියා අනුපාතය 25.1% ලෙස පසුගිය ජූලි වන විට පත්ව ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.

යූරෝ කලාපයේ අඩුම විරැකියා අනුපාතය 4.4% ලෙස වාර්තා වන්නේ ඔස්ටි‍්‍රයාවෙනි.

මෙම ආර්ථික අර්බුදය අවම කිරිට යූරෝපා රාජ්‍යයන් සියල්ලක්ම ලූහු පෙවෙතක් අනුගමනය කිරිමට තීරණය කර ඇති බවට එම මාධ්‍ය පෙන්වා දෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles