යුරෝපා මිසයිල පද්ධතිය ගැන සහතිකයක් ඕනෑ – රුසියාව
අමෙරිකානු යුරෝපා මිසයිල ආරක්ෂන පද්ධතිය රුසියාව ඉලක්ක කරගෙන නොමැති බවට නීතිමය වශයෙන් පොරොන්දුවක් රුසියාවට අවශ්‍ය බවට ඉල්ලා ඇතත් ඒ පිලිබඳ නේටෝව විසින් මේ වන තෙක් නිහඬව සිටිම විනා කිසිදු පිලිතුරක් රුසියාව වෙත ලබා දී නැත.
මේ පිලිබඳව දිගින් දිගටම විමසුවද ඒ පිලිබඳ කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බවත් එක්සත් ජාතීන්ගේ සමිමේලනය අමතමින් රුසියානු විදේශ අමාත්‍යවරයා විසින් පෙන්වා දීඇත.
ඔවුන් රුසියාව ඉලක්ක කිරිමේ අරමුණක නැත්නමි මෙලෙස නීතිමය පොරොන්දුවක් නොදිමේ මුරන්ඩු ප‍්‍රතිපත්තියක සිටිනුයේ මන්ද යන්න රුසියානු විදේශ ඇමතිවරයා මෙහිදී විමසා ඇත.
අමෙරිකාවේ මෙම කි‍්‍රයා පිලිවෙත පිලිබඳව පිලිතුරු දිමට නෝටෝවද වගකීමෙන් බැඳ ඇති බවත් රුසියාව විසින් තව දුරටත් පෙන්වා දෙයි. එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකාවේ සියළු දේ තීරණය වන්නේ නේටෝ සංවිධානය ඇතුලත නිසාවෙන් බවත්ය.
- Advertisement -